පුංචි ඡන්දයට ලොකු පක්ෂ වලින් “දූෂිත, හොර, මැර, පාතාල කුඩු මුදලාලිලා”| VIDEO

 

පෙබරවාරි 10 දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අපරාධකරුවන් ලෙස දඬුවම් ලබා සිටින දූෂිත පුද්ගලයන් හැටකට වැඩි පිරිසක් රටේ ප්‍රධාන පක්ෂ විසින් තරගයට ඉදිරිපත් කර තිබීම හෙලා දකින මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් එය ජනතා ඉල්ලීම නොතකා සිටීමක් බව පෙන්වා දෙයි.

එම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධඅත්අඩංගුවට පත් පිරිස්අල්ලස් චෝදනාවලට ලක්වු පුද්ගලයන් මෙන්ම පාතාලයට සම්බන්ධ පිරිස් සිටින බවයි  සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසන්නේ.

වංචා දුෂණ චෝදනා වලින් තොර පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස පත්කරගන්නා මෙන් දේශපාලන පක්ෂ වලින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් දිගින් දිගටම ඉල්ලා තිබියදීත් මෙවැනි තත්වයන් වාර්තාවීම ඉතා අර්බුදකාරී තත්වයක් බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් සදහන් කළේ මාධ්‍යවේදීන් සමග කොළඔ දී සාකච්ඡාවකට එක්වෙමිනි.

කොළඹ මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයන් අතරින් තිදෙනෙක් විවිධ මැරකම් හා පාතාලයට සම්බන්ධ පිරිස් වන අතර රත්ගම දිස්ත්‍රික්කයේත්ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලත් මෙවැනි පුද්ගලයන් තරග වදින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉතාමත් විශාල ධනයක් සහිත මත් ද්‍රව්‍ය ජාවාරම තමන්ගේ ජීවන වෘත්තිය කරගත් පුද්ගලයන් ගණනාවකට ද නැගෙනහිර පළාතෙන් නාමයෝජනා ලැබී තිබෙන බව මැතිවරණ නිරීක්ෂකයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මත් ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ පිරිස් වලට ගම්පොළමහනුවර වැනි ප්‍රදේශවල  නාමයෝජනා ලබා දී ඇති අතර දැරණියගල ප්‍රදේශයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති අපෙක්ෂකයන් ගංජා සහ කසිප්පු ජීවන උපාය කරගත්තවුන් බවද ඔහු පෙන්වා දෙයි.

රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන පරිදි එක්සත් ජනතා නිදහස් සංධානය ලෙස පසුගිය පළාත් පාලන ආයතන සදහා තරග කර  පොදු ජන පෙරමුණ යටතේ මෙවර තරග කරන පිරිස් අතරින්  දූෂණ චෝදනා සහ අල්ලස් චෝදනා එල්ල වු පුද්ගලයන් වෙතද නාම යෝජනා ලැබී තිබේ.

ලංකාවේ මෙතෙක් කල් පැවැති සමානුපාතික නියෝජන ක්‍රමය කේවල කොට්ඨාස ක්‍රමයක් බවට නැවත පත්වුවත් ඒ වෙනස පක්ෂ නායකයන් මෙන්ම ප්‍රාදේශීය  දේශපාලනඥයන්ද අවබෝධකරගෙන නොමැති බව මෙවැනි අපෙක්ෂකයන් තෝරා ගැනීම තුලින් ගම්‍ය වන බව ඔහු සදහන් කරයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් තම නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් කර තිබෙන අයථා මුදල් ඉපයීම් සහිත වංචාදුෂණඅක්‍රමිකතාවන්ටපාතලයටමත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ පුද්ගලයන්ට  තම ඡන්දය දීමෙන් වැලකි සිටින ලෙස කැෆේ සංවිධානය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.

 

Related posts

Comments are closed.

Top