පක්ෂයේ සභාපති මිනීමරන විට ලේකම් වුනේ මෛත්‍රිපාල සිරිසේන: බාහු | VIDEO

යහපාලන රජය බලයට පත්කිරීම වෙනුවෙන්  ලබාදුන් ජනතා පොරොන්දු ඉටු කිරීමේ සටන ක්‍රියාත්මක කිරීමේදී පුජනීය ලෙස එම ක්‍රියාමාර්ග සදහා සියලු දෙනාගේ සහාය ලැබෙතැයි සිතා සිටියේදැයි නව රජය බලයට පත් කිරීම වෙනුවෙන් වෙහෙසුනු වාමාංශික නායකයකු එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරයි.

පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවට ගොඩ වු මොහොතේ ඔහු ඇතුලුව ඔහු සමග එක්ව සිටි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකයන් දරුණු  ජාතිවාදීන් බව එදාම තමා පෙන්වා දුන් බවයි  නව සම සමජ නායකයා පවසන්නේ.

ශ්‍රී ලංකාව ම්ලේච්ඡ  රාජ්‍යයක්  ලෙස ලෝකය විසින් නම් කිරීමට සුදානම් වන විටත් පක්ෂයේ සභාපති මිනිමරන විටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය දරනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයා බව  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ 18 බ්‍රහස්පතින්දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෛත්‍රීපාල සිරිසේනගේ  ඇඟේත් ලේ තැවරී තිබෙන අතර පොදු අපේක්ෂකයා ලෙස ඔහු තෝරා ගත්තේ ලේ සෝදා බව නව සම සමාජ නායකයා එහිදී අවධාරණය කළේය.

එබැවින්  ඔහු මේ වන විට ඔහුගේ ගමනේ ඉදිරි කොටස ආරම්භ කර ඇතිදැයි සැක මතුවන  බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  එහිදී තව දුරටත් අවධාරණය කළේය.

ජාතිවාදී, ආගම්වාදී, මිනිමරු ෆැසිස්ට්වාදී ගමනකට  අතහිත දෙන්නේදැයි   අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ කොළඹ නගර සභා මැතිවරණයට යහපාලනය සදහා වු ජනතා පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වැඩි දුරටත් පවසා සිටියේ එම ගමනට විරුද්ධව තමන් දේශපාලන ගමනක් අරඹා ඇති බවයි.

Related posts

Comments are closed.

Top