හිදැස: දෙමළ ඡන්ද සඳහා අල්ලස්, බැඳුම්කර වාර්තාව යට ගැසීම, ඌව මහ ඇමැති, පුන්කුඩුතීවු සහ කතරගම

මෙම සතියේද සිංහල සහ දමිළ පුවත්පත් තුළ පළාත් සභා මැතිවරණ ආධිපත්‍යය දරා තිබූ අතර, එම මැතිවරණ න්‍යාය පත්‍ර සම්බන්ධ වාර්තාකරණයට දූෂණ චෝදනාවන්ගෙන් ඉන්ධන සැපයී තිබිනි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද සුරක්ෂිත කර ගැනීම උදෙසා රජය මගින් මෙම වසරේ අයවැයෙන් එම එක් එක් මන්ත්‍රීවරයාට රුපියල් මිලියන විස්ස බැගින් අල්ලස් ලබාදී තිබූ බව දමිළ පුවත්පත් මගින් පුළුල්ව වාර්තා කර තිබූ චෝදනා විය. මීට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් තුළ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ යටගැසීමක් සිදුවී ඇති බවට වූ චෝදනාවක් සහ පෙර රජය යටතේ සිදුවූ වැරදි විස්තරාත්මකව සඳහන් කෙරෙනා වංචා, දූෂණ, බලය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස යෙදවීම  පිළිබඳ කොමිසමේ වාර්තා 34 ක් පිළිබඳව විශාල වශයෙන් වාර්තා වී තිබෙනු දක්නට ලැබිනි. කරුණු දෙකක් යටතේ ඌව පළාත් සභාව දැඩි නිරීක්ෂණයකට ලක්විණි. එනම් එහි මහ ඇමතිවරයාගේ හැසිරීම සහ එහි සභිකයන් 11 දෙනෙකුට තුවාල සිදුකරමින් ඇතිවූ ගැ‍ටුමයි. එසේම කාන්තා පළාත් සභා මැතිවරණ අපේක්ෂකයන්ට එරෙහිව සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ අයිතිවාසිකම් සු‍රැකීමේ කණ්ඩායම් කිහිපයක්ම අනතුරු අඟවා සිටියත්, මෙම ගැටළුව සම්බන්ධයෙන් වූ පුවත්පත් ආවරණය සීමිත වූ බවද දක්නට ලැබිනි.

කාටූනය: තිනකුරල් | ඌව පළාත් මහ ඇමැතිවරයා පොලිසියට භාර වීමෙන් පසුව ඇප මත නිදහස් කෙරේ

ඌව මහ ඇමැති හා විදුහල්පතිනිය

ඌව පළාත් සභා මහ ඇමැතිවරයා සහ බදුල්ල දමිළ කාන්තා පාසැලේ විදුහල්පතිනිය සම්බන්ධ සිදුවීම භාෂා ද්විත්වයේම පුවත්පත් මගින් විස්තීර්ණ වශයෙන් වාර්තා කොට තිබිණි. චෝදනා එල්ල වී තිබූ ආකාරයට, ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක විසින් ඔහුගේ නිර්දේශය මත ශිෂ්‍යාවක පාසැලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කළේය යන චෝදනාව මත එම විදුහලේ විදුහල්පතිනිය වූ භවානි රඝුනාත් හට දණ ගසා තමන්ගෙන් සමාව ඉල්ලන ලෙසට බල කොට තිබුණි.

දමිළ මෙන්ම සිංහල පුවත්පත් දේශපාලන විශ්ලේෂකයන් මහ ඇමැතිවරයාගේ කල්ක්‍රියාව දැඩි සේ විවේචනය කොට තිබිණි. මීට සමාන ලෙසින් භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල අනුකම්පා සහගත හැඟීමක් දක්නට ලැබුණු අතර, භාෂා දෙකේම පුවත්පත් තුළ උතුම් ‍රැකියාවකට නිග්‍රහ කිරීම සම්බන්ධයෙන් මහ ඇමැතිවරයාව හෙළා දැක තිබිණි.

දමිළ මෙන්ම සිංහල පුවත්පත්ද මගින් මෙම ගැටළුව වාර්ගික දෘෂ්ටි කෝණයකින් බලා නොතිබුණු අතර, එය දැඩිවම සැලකුණේ බලය අයුතු ලෙසින් භාවිතා කිරීමක් ලෙසිනි. මෙයට වසර කිහිපයකට පෙරාතුව පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් තම දියණියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සිදුවීමක් මුල් කොට ගනිමින් ගුරුවරියක් දණ ගැස්වීමේ සිදුවීම හා මෙම සිදුවීම එක පෙළට තබා නිරීක්ෂණය කිරීමටද මත දක්වන්නන් යොමුවී තිබුණි. මෙම පැරණි සිදුවීමට සම්බන්ධ පළාත් සභා මන්ත්‍රීවරයා මෙන්ම ගුරුවරියද සිංහල වුණි. කෙසේ නමුත් සිංහල පුවත්පත් වලට ප්‍රතිවිරුද්ධ ලෙසින් ඇතැම් දමිළ පුවත් වාර්තා මගින් මෙම සිදුවීම හුවා දක්වා තිබුණේ මහ ඇමැතිවරයා විදුහල්පතිනිය වර්ගවාදීව අයුතු ලෙසින් සැලකූ බවට වූ නමුත්, එයින් මෙම සිදුවීම සම්බන්ධ දමිළ පුවත්පත් විශ්ලේෂණය වර්ණ ගැන්වී නොතිබුණි.

මේ සම්බන්ධ දමිළ පුවත්පත් කතිකාව තෙයාකාරයකින් සිංහල පුවත්පත් වලින් වෙනස් වී තිබිණි. පළමුව දමිළ පුවත්පත් ලිපි කිහිපයක් මගින් මහ ඇමැති විසින් සිදුකළ චණ්ඩ ක්‍රියාවේ ඇති ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ස්වභාවය සම්බන්ධයෙන් අවධාරණය කර තිබුණත්, සිංහල පුවත්පත් කතිකාව තුළ එවැනි දෘෂ්ටියක් දක්නට නොලැබුණි. දෙවෙනුව සිංහල පුවත්පත් මගින් සිදුවීමේ සම්පූර්ණ දෝෂාරෝපණය මහ ඇමැතිවරයා වෙත පටවා තිබුණත්, දමිළ පුවත්පත් මගින් මෙම සිදුවීමෙහි ලා මහ ඇමතිවරයාගේ ලේකම් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වැනි අනෙකුත් රජයේ සේවකයන්ගේ භූමිකාවද දැඩිව ප්‍රශ්න කොට තිබිණි. තුන්වනුව, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින්ද යුක්තිය ඉ‍ටුකරන බවට පොරොන්දු ලබාදී තිබුණත්, මෙම සිදුවීම කෙරෙහි යුක්තිය ඉ‍ටුවනු ඇතැයි එතරම් විශ්වාසයක් දමිළ ලියුම්කරුවන් තුළ දක්නට නොලැබුණි.

පුන්ගුඩුතිවුහිදී නාවික හමුදා බර වාහනයක ගැටී බාලිකාවක් මිය යයි

යාපනය අර්ධද්වීපයේ විශාලතම දූපත් වලින් එකක් වූ පුන්ගුඩුතිවුහිදී නාවික හමුදාවේ “යුනිබෆල්” රථයක් හා සිදුවූ හදිසි අනතුරකින් අවුරුදු නවයක පාසැල් දැරියක් මිය ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් තර්ක කොට තිබුණේ, මෙම සිදුවීම හුදු හදිසි අනතුරක් නොව, උතුරේ තීව්‍ර හමුදාකරණයේ ප්‍රතිඵලයක් බවයි. උතුරේ බොහෝ හදිසි අනතුරු වලට හමුදා වාහන සම්බන්ධ වන බව නිරීක්ෂණය කරමින් උදයන් පුවත්පත මගින් ප්‍රශ්න කොට තිබුණේ, සාමය පවතින කාලයකදී නාවික හමුදාවට බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන, හදිසි පහරදීම් වලින් ආරක්ෂිත (MRAP) වාහන යොදාගැනීමට ඇති අවශ්‍යතාවය කුමක්ද යන්නයි. තවදුරටත් එහිදී වාර්තා වී තිබුණේ, පැහැදිලිවම පෙනෙනා ලෙසට යාන්ත්‍රිකව අබලන් තත්වයක ඇති බව පෙනෙනා මෙම විශේෂ “යුනිබෆල්” රථය සම්බන්ධයෙන් ප්‍රදේශයේ වැසියන් විසින් පළාතේ නාවික කොමදෝරුවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවයි. තවත් දමිළ පුවත්පත් ලිපියක් මගින් ඉස්මතු කර තිබුණේ, යන්තම් වැසියන් 4,000 ක් පමණ වාසය කරනා දිවයිනක විශාල නාවික කඳවුරු හයක් තිබෙනා බවත්, මෙම හදිසි අනතුර මගින් එම වැසියන් දිනපතා අත්විඳිනා ඔවුන්ගේ අරගලයෙන් බිඳක් පමණක් නිරාවරණය වන බවත්ය.

කතරගම පොලිස් මුරපොලකදී නොනවත්වා ධාවනය කළ බවට කියන යතුරු පැදියකට පොලිස් නිලධාරීන් විසින් වෙඩි පහර එල්ල කළ සිදුවීම සිංහල පුවත්පත් ආවරණය තුළ පුළුල් අවධානයක් දිනාගෙන තිබුණත්, දමිළ පුවත්පත් තුළ එය වාර්තා නොවූ තරම්ය.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top