අන්තර්ජාලයට ‘අකුණ’ ගැසීම පෙබරවාරි 5 දා

දස වසරකට ඉහතදී  රාජ්‍ය මර්දනය  හේතුවෙන් නවතා දැමු “අකුණ” පුවත්පත වෙබ් අඩවියක් ලෙස යළි ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

WWW.AKUNANEWS.COM  නමින් එම වෙබ් අඩවිය එළිදැක්වීමට නියමිතය.

“උතුර – දකුණ සැබෑ ජන අරගලය උදෙසා – අකුණ” තේමාව පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය ජනගත කිරීමට නියමිතව ඇත්තේ  2018.02.05 වන දිනයි.

එදින සවස 4 ට  කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සාමාජ හා සාමයික කේන්ද්‍රයේ දී එය සිදු කිරීමට නියමිතය.

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ කැදවුම්කරු සුදේශ් නන්දිමාල් එම වෙබ් අඩවියේ මෙහෙයවීමේ කටයුතු සිදු කරනු ලබයි.

Related posts

Comments are closed.

Top