බෙල්ලන්විල නාහිමි ආදාහනෝත්සවය 8 ජ’පුර දී

ඇත් ප්‍රහාරයකින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී  අපවත් වු  මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ දේහය පිළිබද ආදාහන පුජෝත්සවය 8 බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල  ක්‍රීඩා පිටියේදී හවස 3 ට ආදාහන පුජෝත්සවයේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත.

සිය විහාරස්ථානයට අයත් ‘මියන් කුමාර’ නමැති ඇතැගේ  පහර දීමට ලක්ව තුවාල  ලැබීමෙන් අනතුරුව එහිමියන් 2 සිකුරාදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් ඇතිවු  අසාධ්‍ය තත්ත්වයෙන්  පසු පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගිය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ 3 සෙනසුරාදා අපවත් වූහ.

නාහිමියන්ට පහර දෙනු ලැබු ‘මියන් කුමාර’ නමැති ඇතා  මියන්මාරයෙන් මෙරටට තෑගී වශයෙන් ලැබුණු ඇතෙකි.

ඇතාට සියඹලා කවන්නට යාමේදී නාහිමියන් පහර කෑමට ලක්වූ බව අනතුර වූ දිනයේම ඇත්ගොව්වා මාධ්‍යවේදීන්ට පවසා තිබුණත්, විහාරස්ථාන දායක සභාව ඒ බව ප්‍රතික්ෂේප කර තිබුනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද හොබවා ඇති  බෙල්ලන්විල නාහිමියෝ ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියා සහ අප්‍රිකානු අංශයේ (SOAS) සිංහල සහ පාලි භාෂා අධ්‍යයන අංශයේ ආචාර්ය වරයකු ලෙස ද කටයුතු කර තිබේ.

Related posts

Comments are closed.

Top