ශ්‍රී ලංකා – බංග්ලා ටෙස්ට් තරගයේ ජය පැරදුමක් නෑ

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව 4 ඉරිදා  අවසන් විය.

තරගයේ පළමු ඉනිම සදහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 513ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 713ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 200ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරඟයේ පස් වන සහ අවසන් දිනය නිමා වන විට කඩුලු පහක් දැවී ලකුණු 307ක් ලබා සිටියේය.

එම ඉනිම වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 105ක් සහ ලිටොන් ඩෑස් ලකුණු 94ක් ලබාගැනීමට සමත් වූහ.

පළමු ඉනිමේදී ලකුණු 176 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 105 ක් සමගින් ලකුණු281 ක් රැස්කරගත් මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

2000 වසරේ ටෙස්ට් වරම් හිමිකරගත් බංග්ලාදේශය වෙනුවෙන් වසර 18 ක් ගතවනතෙක් ඉනිම දෙකෙහිදි ශතක හිමිකර ගැනීමට කිසිදු පිතිකරුවකුට නොහැකිවූ අතර මෙම තරගයේ ඉනිම දෙකෙහිදි ශතක ලබාගත් මොමිනුල් හක් මේ දස්කම් සිදුකළ පළමු පිතිකරුවා බවට පත්විය.

 

Related posts

Comments are closed.

Top