විශිෂ්ට ජයක් ලබා මහින්ද රාජපක්ෂ පුංචි ඡන්දයෙන් යලිත් හිස ඔසවයි | VIDEO

පලාත්පාලන මැතිවරණය දා රාත්‍රියේම පළමු ප්‍රතිපලය නිකුත් කරන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  කියා සිටි පරිදි කටයුතු සිදු නොවුවත් සමස්ත ඡන්දයෙන් තම පක්ෂය ජයග්‍රහණයක් අත් කර ගෙන තිබෙන බව හිටපු ජනාධිපතිවරයා මහත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරයි.

පොහොට්ටුව ලකුණින් තමන්ගේ නායකත්වයෙන් තරග වැදුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරාම ඡන්ද වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලබා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටී.

පරාජිතයන් කවර ආකාරයෙන් තමන්ට සැලකුවත් ඒ කිසිවකුටත් හිරිහැරයක් නොවන ආකාරයෙන් ජයග්‍රහණය භුක්ති විඳින ලෙස හිටපු ජනාධිපතිවරයා සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිසම නිල ඡන්ද ප්‍රතිපල ජනමාධ්‍ය වෙත ලබා දී නැතත්, අපේක්ෂකයන් හට එය ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙවර ප්‍රකාශිත ඡන්ද කොට්ඨාශ මට්ටමින් ගණන් කිරීම නිසා ප්‍රාදේශීය දේශපාලකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් හට ප්‍රතිපල කල්තියා දැනගැනීමට පුළුවන් වී තිබුනි.

ගගනට වාර්තා වී තිබෙන පරිදි පාලක සභාගයේ හවුල්කාර පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සමස්ත ලංකා මැතිවරණ ව්‍යාපාරය තුල පිලිවෙලින් දෙවැනි හා තුන්වැනි තැනට වැටී සිටී.

මේ අතර මෙතෙක් උතුරේ කිසිදු නියෝජනයක් නොතිබුනු ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ චාවාකච්චේරි හා පේදුරු තුඩුව ප්‍රාදේශීය සභාවල දෙමළ ජාතික සන්ධානය පරදවා බලය ඇල්ලීමට සමත් වී සිටී.

Related posts

Comments are closed.

Top