රටේ ඉදිරි දේශපාලන තීන්දු ගනු ඇත්තේ මහින්ද රාජපක්ෂයි: ගෝඨාභය | VIDEO

 

ප්‍රසිද්ධ දේශපාලනයට අවතීරණය වීමට “තවමත් අදහසක් නොමැති” බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේ රටේ දේශපාලන තීන්දු ගැනීම හිටපු ජනාධිපතිවරයාගේ වගකීම වන බව ප්‍රකාශ  කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ බව සදහන් කළේ ඇමෙරිකාවේ රැඳී සිටි 12 සඳුදා  උදෑසන දිවයිනට පැමිනෙන අවස්ථාවේ “ඉදිරියේ   රටේ දේශපාලනයේ මොනවගේ තීරණ ගනීද, මොන වගේ වෙනසක් වෙයිද?”යනුවෙන් මාධ්‍යවේදියකු විසින් කටුනායක ගුවන් තොටුපලේදි යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමිනි.

ඇමරිකානු පුරවැසියකු වන හෙයින් අගමැති වීමේ හැකියාවක් නැති තමන්ගේ කිසිදු දේශපාලන භුමිකාවක් නොමැති බවත් ඔහු එහිදී සදහන් කළේය.

“ඔක්කොටම කෙලෙව්වා”

තමන්ට එල්ල වී ඇති ඇවන්ට්ගාර්ඩ් පාවෙන ආයුධ නෞකාවේ ගනුදෙනු ඇතුළු  දුෂණ චෝදනා ඔහු බැහැර කළේ එය හැමදාමත් “කට කැඩිච්ච අය” විසින් සිදු කරන දෙයක් ලෙසිනි.

“විදේශ විනිමය ගෙනාවා රැකිරක්ෂා දුන්නා, එව්වා ඔක්කොටම කෙලෙව්වා,” යනුවෙන් ඔහු පරීක්ෂණ පැවැත්වූ කොමිසමටද දොස් පැවරුවේය.

ලෝක අවධානය දිනාගනිමින් දෙමළ උද්ඝෝෂකයන්ගේ බෙල්ල කපන බවට සන් කළ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සම්බන්ධ ප්‍රශ්නයක් සම්පුර්ණ ලෙස ඉදිරිපත් කිරීමට පෙරම හිටපු ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ “එහෙම තමයි. මහින්ද රාජපක්ෂ නැති උනාම ලන්ඩනයෙත් පිස්සු කෙළිනවා,” යනුවෙනි.

බ්‍රිගේඩියර් ප්‍රියංකා පෙරේරා සම්බන්ධයෙන් කිසිදු විනය පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවටද ගෝඨාභය රාජපක්ෂ විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top