හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනපති-අගමැති එකඟ වෙති

ජාතික සමගි රජය තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සම්මුතියක්  ඇතිවී තිබේ.

හවුල් ආණ්ඩුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවකට එම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල පෙලේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවනු ලබන බව පැය හතරකට අධික කාලයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ජනාධිපති නිල නිවාස ඉදිරිපිට රැස්කමින් සිටි මාධ්‍යවේදීන් හා පැවසූහ.

ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙකේ සම්මුතිය ඇතිවීමට පෙර ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙන් වෙන්ව හමුවීමට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයා සහ ඉන්දීය මහකොමසාරිස් වරයා ගොස් තිබුනි.

“තිබුනාටත් වැඩිය ශක්තිමත්ව සහ විනිවිද භාවයකින් යුතුව” යහපාලන රජය ඉදිරියට ගෙනයාමට දෙපාර්ශවයම එකඟ වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද පැවති අමාත්‍ය මට්ටමේ ද්විපාර්ශවීය හමුවෙන් එළැඹි තීන්දුව මාධ්‍යවේදීන්ට දන්වා සිටියේය.

හෙට දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයේදී කමිටුව පිලිබඳ අවසන් තීන්දුවකට එළඹෙනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top