ජෝ සෙනෙවිරත්න අවසන් කටයුතු 24 කොළඹදී

මාධ්‍යවේදියකු, පුවත්පත් කතුවරයකු, මානවවාදී දේශපාලන ක්‍රියාකාරිකයකු, හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු සහ  ග්‍රන්ථ පරිවර්තකයකු වූ ජෝ සෙනෙවිරත්න  පසුගිය දාහත්වැනි සෙනසුරාදා අභාවප්‍රාප්ත විය.

දශක පහකට ආසන්න කාලයක් දේශපාලනික සහ මාධ්‍ය කටයුතුවල නිරත වූ සෙනෙවිරත්න  පසුකාලීනව ඕෂෝ සංවාද පෙළ සිංහලට පරිවර්තනය කරමින් සිංහල පාඨකයාට එම සංවාද හඳුන්වා දීමේ පුරෝගාමියකු වූවේය.

හැටේ දශකයේ මුල් භාගයේදී කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට අවතීර්ණව,  වාමාංශික ක්‍රියාධරයකු ලෙස ජනවාර්ගික සංහිඳියාව උදෙසා මැදිහත් වූ ජෝ පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ බුදුසරණ කර්තෘ විය.

මිය යන විට ඔහු පරිවර්තනය කොට තිබූ ග්‍රන්ථ සංඛ්‍යාව විසි පහකි.

ජෝ සෙනෙවිරත්නගේ දේහය මහජන ගෞරවය සඳහා පෙබරවාරි 23 වන සිකුරාදා උදෑසන 8.30 සිට 24 වන සෙනසුරාදා සවස දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසාන කටයුතු 24 සෙනසුරාදා   සවස 4 ට බොරැල්ල කන්ත්තේ දී සිදු කෙරේ.

Related posts

Comments are closed.

Top