සංහිඳියාව වෙනුවෙන් ‘තුන්දෙනෙක්’ රිදී තිරයට

 

”සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” එළිදැක්වීම සහ ජාතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද ”තුන්දෙනෙක්” චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

එය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වෙයි.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  සභාපතිත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟිනි.

”තුන්දෙනෙක්”  චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරුන් විසිනි.

Related posts

Comments are closed.

Top