හිදැස: පුංචි ඡන්දයේ පොහොට්ටු ජය, ආණ්ඩු නැති ප්‍රාදේශීය සභා සහ බදියුදීන්ගේ නැගීම

a

පසුවූ සතියේ භාෂා දෙකේම පුවත්පත් ඉතාමත්ම ප්‍රබල ලෙසින් සිය අවධානය කේන්ද්‍රගත කොට තිබුණේ මෑතකදී පවත්වන්නට යෙදුණු පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල සහ ඒ හා සබැඳි අතුරු ප්‍රතිවිපාක වෙතටයි. පවතින රජය තීරණාත්මක ලෙසින් පළාත් පාලන මැතිවරණයෙන් පරාජය ලැබීම නිසා එම රජය පාලන කටයුතු සඳහා සුදුසු නොවේය යන හේතුව මත නියමිත කාලයට කලින් මහ මැතිවරණයක් පවත්වන ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කළ ඉල්ලීම සිංහල පුවත්පත් තුළ යම් යම් කොටස් විසින් අනුමත කරන්නට යෙදිනි. එනමුත් දමිළ පුවත්පත් මගින් ජාතික දේශපාලනය සහ පළාත් පාලන දේශපාලනය වෙන් කොට දක්වා තිබූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරන්නටද යෙදිනි. තවදුරටත් දක්වන්නේ නම් දමිළ දේශපාලන මත දක්වන්නන්  විසින් දකින්නට යෙදුණු ආකාරයට, මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමට එරෙහි හොඳම ආරක්ෂා සංවිධානයත්, මෙම රජය දමිළ ප්‍රජාවට ලබාදුන් ප්‍රතිඥා සාක්ෂාත් කර ගැනීමට එකම මාර්ගයත් වන්නේ ශ්‍රීලනිප-එජාප සමගි රජය ආරක්ෂා කර ගැනීම පමණි.

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී

කාටවත් බහුතරය නැති ප්‍රාදේශීය සභා ගැන මිශ්‍ර මැතිවරණ ක්‍රමයට දොස්

උතුරු නැගෙනහිර කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවූ ප්‍රාදේශීය සභා ප්‍රමාණය ඇදහිය නොහැකි ලෙසින් ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් චෝදනා එල්ල කොට සිටියේ, පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේදී යොදාගත් මිශ්‍ර මන්ත්‍රී සමානුපාත නියෝජන (MMP) ක්‍රමයටයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් උතුරු පළාතේ පළාත් පාලන ආයතනයන් 34 න්, වැඩිම ආසන ගණනක් අයත් පක්ෂය විසින් බහුතරය අත්පත් කරගෙන තිබුණේ ආයතන 6 ක පමණි. නැගෙනහිර පළාතේ තත්වය යන්තමින් පමණ වඩාත් යහපත්ව තිබුණේ බහුතරය ලබාගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 43 කින් 14 ක් ලෙසින් දක්වමිනි. මෙම වාර්තාකරණය මගින් ඡන්ද පදනම විඛණ්ඩනය වී තිබීම මූලික හේතුව ලෙසින් දක්වා නොතිබුණු නමුත්, පසුගිය මැතිවරණ වලදී ප්‍රධාන පක්ෂවල ආධිපත්‍යය ‍රැඳී තිබීමේ රටාව වෙනස් වීම, මෙම වතාවේදී උතුරු සහ නැගෙනහිර පළාත් තුළ ඡන්ද විශාල වශයෙන් කොටස් වලට කැඩී යාමට හේතුවක් වී තිබිනි.

පුවත්පත් තුළ මත දක්වන්නන්ගෙන් අති බහුතරයක් විසින් මෙම සංසිද්ධිය සෘණාත්මකව දැක තිබූ අතර, ඔවුන් තර්ක කර තිබුනේ පළාත් පාලන ආයතන තුළ සන්ධාන ආණ්ඩු පැවතීම මගින් අසාර්ථක පරිපාලනය සහ මන්දෝත්සාහී ප්‍රාදේශීය සංවර්ධනය විනා අන් කිසිවක් සිදු නොවනු ඇති බවටයි. වඩාත් ස්ථානගත වූ නියෝජනයක් සඳහා අවකාශය ලබාදෙන අතරේම ඡන්ද කොට්ඨාශයක සාමූහික කැමැත්ත වඩාත් හොඳින් පිළිබිඹු කරනා ක්‍රමයක් ලෙසින් දක්වමින් මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයට සහාය පළ කරමින් දැක්වුණු මුල් තර්කය මෙහිදී විශේෂයෙන් වාර්තා වී නොතිබුණි.

පාලක සන්ධාන ගොඩනැංවීමෙහිදි මුහුණ දෙන්නට සිදුවී ඇති අපහසුතාද පුවත්පත් වාර්තා මගින් මතු කොට පෙන්වා තිබිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, නැග එන රාජපක්ෂ ‍රැල්ලට ප්‍රතිරෝධය දැක්වීමේ ආකාරයක් ලෙසින් දමිළ එකමුතුව ඇති කිරීම වෙනුවෙන් සිවිල් සමාජයෙන් සහ ආගමික කණ්ඩායම් වලින් නැග එන පීඩනය තිබියද, ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ මගින් පෙන්වා සිටියේ සන්ධාන පාලන ඇති කිරීම සඳහා නොකැමැත්තකි. ඊට උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ විසින් දෙමළ ජාතික සන්ධානය හා හවුල් වීමේ කිසිදු හැකියාවක් නැති තැනට කටයුතු කිරීම දැක්විය හැක. ඔවුන් එම ස්ථාවරය පවත්වා ගෙන තිබුණේ, ඒකීය ව්‍යවස්ථාවක් අලෙවි කිරීම සඳහා කැමැත්තෙන්ම කටයුතු කරමින් දෙමළ ජාතික සන්ධානය දමිළ ජනතාවට ද්‍රෝහී වී ඇති බව ප්‍රකාශ කරමිනි.

රිෂාද් බදියුදීන්ගේ ඉහළ නැගීම

අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (ACMC) දිවයින පුරා පළාත් පාලන ආයතනයන්හි ආසන 159 ක් ජයග්‍රහණය කරන්නට යෙදුණේ, රටේ දෙවැනි විශාලතම මුස්ලිම් දේශපාලන පක්ෂය බවට පත්වෙමිනි. ඔවුන්ට ඉදිරියෙන් සිටියේ ආසන 185 ක් දිනාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) පමණි. දමිළ පුවත්පත් තුළ ලිපි කිහිපයක්ම සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මෙම විස්මය දනවන සුළු ජය සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබිණි.

පළමුව, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මෙම නැගීම මගින් පෙන්නුම් කරන්නේ ප්‍රමුඛතම මුස්ලිම් දේශපාලන පක්ෂය ලෙසින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ඇති තැනට ක්‍රමයෙන් වර්ධනය වන තර්ජනයක් ඇති බවයි. මෙහි සුවිශේෂී වැදගත්කම වන්නේ නැගෙනහිර පළාතේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය දක්වා ඇති වර්ධනයයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන බලපෑම ඇති ප්‍රත්‍යන්ත ප්‍රදේශය වන අම්පාර දිස්ත්‍රික්කයේ පමණක්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සමස්ත ආසන 39 ක් දිනාගෙන තිබුණු අතර එය සැසඳිය යුත්තේ 2011 පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් දිනාගෙන තිබුණේ එක් ආසනයක් පමණක්ය යන්න සමගිනි.  එසේම මින් පෙර වාරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මගින් ස්වාධීනව පාලනය කළ පළාත් පාලන ආයතනයන් පහෙන් එකක හෝ බහුතරය ලබාගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද සමත්ව නොතිබුනි.

දෙවෙනුව, බදියුදීන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලනයේ වඩාත් වැදගත් ජාතික නායකයා ලෙසින් වූ හකීම්ගේ භූමිකාවට වඩාත් බරපතළ ලෙසින් අභියෝග කරන්නා බවට නැගී ඒම සැලකිල්ලට ගත යුතුවේ. ඒ සඳහා වූ අනෙකුත් තරගකරුවන් දෙපළ වන මොහොමඩ් හිස්බුල්ලා සහ අහමඩ් අතාවුල්ලා විසින් 2015 මහ මැතිවරණයේදී ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපොහොසත් වීමෙන් අනතුරුව, බදියුදීන් හට එම අවකාශය පවරා දෙන්නට කටයුතු කරන ලදී. එමෙන්ම ඔවුන් පිළිවෙලින් තම ප්‍රාදේශීය ඡන්ද කොට්ඨාස වන කාත්තන්කුඩි සහ අක්කරෙයිපත්තු වල බලය නැවත ලබාගන්නට සමත් වූවත්, ඔවුන් තම දේශපාලන බලපෑම ඇති වපසරිය විස්තීර්ණ කිරීමට සමත් නොවුණි. අනෙක් අතට බදියුදීන් වයඹදිග මන්නාරම් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වුවත්, ඔහු නැගෙනහිර පළාතේ තමන්ගේ බලපෑම ස්ථිරසාර ලෙසින් පිහි‍ටුවන්නට සමත් වී ඇත.


Related posts

Comments are closed.

Top