රාජ්‍ය වෙසක් උත්සවය කුරුණෑගල දි

බුද්ධ වර්ෂ 2562 වැනි වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවය 2018 අප්‍රේල් 26 සිට මැයි 2 දක්වා කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දි පැවැත්විමට කටයුතු යොදා තිබේ.

“දැමුණු සිත සුව ගෙන දේ” යන තේමාව මුල්කරගෙන පැවැත්වෙන මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් රාශියක් පැවැත්විමට කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 30 ම ආවරණය වන පරිදි  අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මාලාව මෙහි ප්‍රධාන තැනක් ගනි.

අධ්‍යාත්මික සංවර්ධන ළමා වැඩසටහන් ,යොවුන් වැඩසටහන් හා භාවනා වැඩසටහන් මෙහිදි පැවැත්වීමට නියමිතය.

මෙවැනි වැඩසටහන් 150 ක් දිස්ත්‍රික්කය පුරා පැවැත්වෙන අතර ගමයි පන්සලයි සම්බන්ධ කරන දීර්ඝකාලින වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාම බලාපොරොත්තුව බව රජය සදහන් කරයි.

දහම් පාසල් සිසුන් තුළ නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා දහම්පාසල් තුළ කල්‍යාණ මිත්‍ර සංසද ඇති කිරිම, සෞඛ්‍ය හා බුදු දහම යන තේමාව යටතේ පාරම්පරික වි දේශිය ආහාර වලට හුරුවිම, භාවනාව යන ක්‍රම මගින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකර ගැනිම සදහා දැන්වත් කිරිමේ වැඩසටහනක් ද මේ යටතේ සිදු කෙරේ.

සත්කෝරළයේ පෞරාණික රජමහා විහාර පිළිබද විස්තර ඇතුළත් විහාර වංශය රචනා කිරිම, සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම සංස්කෘතික ප්‍රදර්ශන වෙසක් පහන් කූඩු, බෞද්ධ නාට්‍ය භක්ති ගිත ගායනා පැවැත්විම ද සිදු කෙරෙන බව රජය පවසයි.

 

Related posts

Comments are closed.

Top