ආණ්ඩුව සිනමාහල් ඩිජිටල් කිරීමට සැරසේ

දිවයින පුරා පිහිටි සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පවසයි.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක 8 බ්‍රහස්පතින්දා  පාර්ලිමේන්තුවේදී  ඒ බව කියා සිටියේ  පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස  නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

සිනමා ශාලා ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල  ජාතික ප්‍රතිපත්තියක් යටතේ ක්‍රිය කිරීමේ අවශ්‍යතාවයද එහිදී  අමාත්‍යවරයා  පෙන්වා දී තිබේ.

දේශීය චිත්‍රපට සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමට ක්‍රියාකර ඇති බව පෙන්වා දෙන අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසන්නේ  මෙරට සිනමා ශාලා 173ක් ඇති අතර ඉන් 117ක් ඩිජිටල්කරණයට පරිවර්තනය  කළ යුතුව ඇති බවයි.

එක් සිනමා ශාලාවක් ඩිජිටල්කරණය සඳහ වැයවන මුදල රුපියල් මිලියන 7කි.

මේ සඳහා සිනමා ශාලා හිමියන්ට ණය ලබාදීමට බැංකු සමඟ සාකච්ඡා කරන බව ද  අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

Comments are closed.

Top