කොළඹ ඇස් රෝහල් යන පහෙන් පංගුවකට ග්ලෝකෝමා

ශ්‍රි ලංකාවේ ග්ලෝකෝමා රෝගය වැළඳුණු අක්ෂි රෝගීන් සම්බන්ධයෙන් ඉදිරියේ දි සංගණනයක් පැවැත්විමට කටයුතු කරන බව Glaucoma Interest Group හි සභාපති  අක්ෂි විශේෂඥ වෛද්‍ය ලලිතා සෙනරත් සදහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කර ඇත්තේ 12 සදුදා  කොළඹ, අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමාව පිළිබඳව  මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

ග්ලෝකෝමා යනු ඇසේ සිට මොළයට අප දකින දේ සන්නිවේදනය කරන දෘෂ්ඨි ස්නායුවට ඇස තුළ දි ක්‍රමයෙන් සිදු වන හානියයි. ඇසෙහි මනා ක්‍රියාකාරිත්වය සඳහා ඇසෙහි පීඩනය  ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම වැදගත් බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරු පවසති.

ලෝක ග්ලෝකෝමා සතිය 2018 මාර්තු 11 සිට 17 දක්වා ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක ග්ලෝකෝමා සංගමය මඟින් සෑම වර්ෂයකම මාර්තු මස ග්ලෝකෝමා සතිය ප්‍රකාශයට පත් කරනු ලබයි.

එහි අරමුණ වන්නේ, ග්ලෝකෝමාව පිළිබඳව ජනතාව දැනුවත් කර අක්ෂි පරික්ෂාව සඳහා යොමුකර ග්ලෝකෝමාව නිසා ඇතිවන අන්ධභාවය වළක්වාලීමයි.

කොළඹ ජාතික අක්ෂි රෝහලට දිනකට පැමිණෙන අක්ෂි ආබාධ සහිත රෝගින්ගෙන් 15% ත් 20% ත් අතර ප්‍රතිශතයක් ග්ලෝකෝමා රෝගයට ගොදුරු වුවන් බවට හඳුනා ගෙන ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

2013 සංගණනයට අනුව අවුරුදු 40 -80 ත් අතර ජනගහනයෙන් ග්ලෝකෝමා රෝගය වැළඳුණු ප්‍රවණතාවය  3.54% කි.

ලෝකයේ ග්ලෝකෝමා රෝගය වැළඳි ඇති සංඛ්‍යාව මිලියන 64.3 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

2020 වන විට මෙම රෝගයට ගොදුරු විමේ හැකියාව ඇති ජනගහණය මිලියන 76කි.

2040 වන විට මෙම ප්‍රමාණය මිලියන 111.8 ක් දක්වා ඉහළ යන බව ද සෞඛ්‍ය වාර්තා අනාවරණය කරයි.

Related posts

Comments are closed.

Top