පොලිසිය ‘අක්‍රිය’ වීම මුස්ලිම් විරෝධී කැරැල්ලට සක්‍රිය ලෙස හවුල් වීමකි

මුස්ලිම්වරුන් ඉලක්ක කොට පසුගිය සතියේ ගසන ලද ප්‍රචණ්ඩ කැරැල්ලට වගකිව යුතු සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන මෙහෙයවන ආගමික නායකයන් අත් අඩංගුවට ගැනීමට ආණ්ඩුව  දක්වන මැලිකම වගකීම් පහර හැරීමක් සේ හෙලා දකින විදේශගත ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් පොලිසිය ඇතුළු  රජයේ බලධාරීන් නිසිලෙස ක්‍රියාත්මක නොවීම ප්‍රහාරයට හවුල්වීමක් බව අවධාරණය කර තිබේ.

 

කන්ද උඩරට කැරලිකාරිත්වයට සැකපිට මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති 230 දෙනකු අතරින් 69 දෙනකුම පිට පළාත් වලින් පැමිණියවුන් බව පොලිසිය පවසයි.

 

කෙසේ වෙතත්, බොදුබල සේනා ඇතුළු “මුස්ලිම්වරුන්ට එරෙහි වෛරක්කාරී කතා කියන, විදේශික විරෝධය, ජාතිවාදය සහ අන්මත හෙලා දැකීම පතුරුවන” දේශපාලනික සහ ආගමික සංවිධාන නායකයන් වගකීමෙන් බැඳ තැබීමට අසමත් වීම ගැන ලොව පුරා කීර්තිධර  විශ්ව විද්‍යාල ගණනාවක අඩසියයකට වැඩි උගතුන් විවෘත ලිපියකින් බලවත් කෝපය පල කර තිබේ.

 

“එවන් ක්‍රියාකාරීන් මෙහෙයැවෙන්නේ රික්තයක නොවේ; දේශපාලන බලධාරීන් සහ පොලිසිය ඔවුන්ට විරුද්ධව පියවර නොගැනීම සැබවින්ම, බොදු බල සේනා සහ මහසෝන් බලකාය වැනි කණ්ඩායම් වලට දඬුවම් ලැබීමෙන් තොරව කටයුතු කිරීමේ ධෛර්යය ලබාදෙන  ක්‍රියාකාරී මැදිහත්වීමකි,” යි මුස්ලිම්, දෙමළ සහ සිංහල සම්භවයකින් යුත් විද්වත් පිරිස කියා සිටී.

 

සකල ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හැර සිටින නීතිය හා සාමය භාර නිලධාරීන් සහ  දේශපාලන බලධාරීන් වගවීමෙන් බැඳ තබන ලෙස  රජයෙන් ඉල්ලා සිටින විවෘත ලිපිය සුළුතර ජන කොටස් ඇතුළු  රටේ සියලු පුරවැසියන්ගේ සුරක්ෂිත භාවය සහතික කරන අනාගතයකට පදනම දැමීම සඳහා වන දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීම වෙනුවෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් යෝජනා කරයි.

 

විවෘත ලිපියට අත්සන් තබා ඇත්තේ පහත දැක්වෙන විද්වත් සමූහය යි.

  1. වාසුකී නේසසියා, නිව්යෝක් විශ්වවිද්‍යාලය
  2. නිමන්ති පෙරේරා- රාජසිංහම්, කොල්ගේට් විශ්වවිද්‍යාලය
  3. මෛත්‍රී ජෙගදීසන්, ශාන්ත ක්ලේරා විශ්වවිද්‍යාලය
  4. කනිෂ්ක ගුණවර්ධන, ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය
  5. වී.වී. ගනේශනාදන්, මිනසෝටා විශ්වවිද්‍යාලය
  6. කද්රි ඉස්මයිල්, මිනසෝටා විශ්වවිද්‍යාලය
  7. ශාරිකා තිරාණගම,  ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
  8. සොනාලි පෙරේරා, නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලය
  9. කිතන ආනන්ද,  නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලය
  10. සංජිවී නුහුමාල්, හැව්ෆර්ඩ් විදුහල
  11. කැත්ලීන් ෆර්නැන්ඩු, කෙන්යොන් විදුහල
  12. කාංචන රුවන්පුර, එඩින්බරා විශ්වවිද්‍යාලය
  13. ප්‍රදීප් සංගපාල, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය
  14. අර්ජුන් ගුණරත්න, මැකලැස්ටර් විදුහල
  15. අමර්නාත් අමරසිංගම්, වෝටර්ලූ විශ්වවිද්‍යාලය
  16. අර්ජිනි නාවල්, හාවඩ් විශ්වවිද්‍යාලය
  17. නීල් ඩෙවෝටා, වේක්ෆොරස්ට් විශ්වවිද්‍යාලය
  18. නිහාල් පෙරේරා, බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලය
  19. සන්ධ්‍යා හේවාමාන්න, එසෙක්ස් විශ්වවිද්‍යාලය
  20. නිරා වික්‍රමසිංහ, ලේඩන් විශ්වවිද්‍යාලය
  21. නලින් ජයසේන, මියාමි විශ්වවිද්‍යාලය
  22. ප්‍රශාන්ත් කුගනාදන්, කොලොම්බියා විශ්වවිද්‍යාලය
  23. ශියානා ගුණසේකර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
  24. සුකන්‍යා එම්මානුවෙල්, කෝනල් විශ්වවිද්‍යාලය
  25. ඊ. වැලන්ටයින් ඩැනියල්, කොලොම්බියා විශ්වවිද්‍යාලය
  26. වරුණි විමලසිරි, බෝර්න්මවුත් විශ්වවිද්‍යාලය
  27. දිනිදු කරුණානායක, මියාමි විශ්වවිද්‍යාලය
  28. විද්‍යමාලි සමරසිංහ, ඇමෙරිකන් විශ්වවිද්‍යාලය
  29. මහේසන් නිරංජන්, සදම්ප්ටන් විශ්වවිද්‍යාලය
  30. නේත්‍රා සමරවික්‍රම, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
  31. දිල්ෂානි පෙරේරා, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
  32. මීරා සිවලෝගනාදන්, මැක්මාස්ටර් විශ්වවිද්‍යාලය
  33. නමිකා රාබි, කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
  34. ගීතිකා ධර්මසිංහ, කෝනල් විශ්වවිද්‍යාලය
  35. සුදේශ් මන්තිලක, මේරිලෑන්ඩ් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  36. ඉෂාන්ත පීරිස්, බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලය
  37. දේවක ගුණවර්ධන, කැලිෆෝනියා විශ්වවිද්‍යාලය, ලොස්ඇන්ජලීස්
  38. තේමාල් ඇල්ලේවල, ක්ලාක් විශ්වවිද්‍යාලය
  39. ශෝබනා ෂේවියර්, ඉතාකා විදුහල
  40. නාලිකා ගජවීර, දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලය
  41. අශ්විනි වසන්තකුමාර්, කිංග්ස් විදුහල ලන්ඩන්
  42. යාලිනී ඩ්‍රීම්, ශාන්ත ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලය
  43. මිහිරිනී සිරිසේන, එඩින්බර්ග් විශ්වවිද්‍යාලය
  44. ඒ.ර්. එම්. ඉම්තියාස්, ටෙම්පල් විශ්වවිද්‍යාලය
  45. ඩෙබෝරා ෆිලිප්, නිව්යෝක් සිටි විශ්වවිද්‍යාලය
  46. ටෝනි ඇන්ජි, ඌටා විශ්වවිද්‍යාලය
  47. තනුජා තුරෙයිරාජා, සුරිච් විශ්වවිද්‍යාලය
  48. සම්මානි පෙරේරා, මියාමි විශ්වවිද්‍යාලය
  49. අචින්ත්‍ය බණ්ඩාර, ටෙක්සාස් ටෙක් විශ්වවිද්‍යාලය
  50. කසුන් ගජසිංහ, මොන්ට්ක්ලෙයාර් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
  51. උපුල් වික්‍රමසිංහ, ඩරම් විශ්වවිද්‍යාලය
  52. තුෂාර හේවගේ, ඔටාවාවිශ්වවිද්‍යාලය
  53. තරික් ජසීල්, ලන්ඩන් විශ්වවිද්‍යාලය
  54. කන්‍යා ද අල්මේදා, කොලොම්බියා විශ්වවිද්‍යාලය

Related posts

Comments are closed.

Top