මැවුම්කාර විශ්වාසයට තර්ජනයක් වූ විද්‍යාඥ හෝකින් ගැන බාහුගේ මතකය

ලෝකයට දැනුම ලබා දුන් මහා පුරුෂයන් අතරින් අයකු ලෙස ලොව කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වු    ස්ටීවන් හෝකින් ජීවන ගමන නිමා කළ බව සදහන් කරන ඔහු සමග කේම්බ්‍රිජ් සරසවියේ ඉගෙනුම ලැබූ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  මැවුම්කරු ගැන විශ්වාසයට තර්ජනයක් ඇති කළ මහා විද්‍යාඥයා ලෙස ස්ටීවන් හෝකින් හදුන්වා දෙයි.

ආචාර්ය උපාධි පර්යේෂණ සදහා 1967 වසරේදී කේම්බ්‍රිජ් සරසවියේ වැඩ කටයුතු ආරම්භ කිරීමත් සමග ස්ටීවන් හෝකින් හදුනාගැනීමට ලැබුන බව පවසන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කරන්නේ තමාට පෙර එම සරසවියේ ශ්‍රී ලාංකික සිසුවකු වු ශාන්ත ද අල්විස්  මගින් ස්ටීවන් හෝකින් දැන හදුනගත් බවයි.

ස්ටීවන් හෝකින් වැඩි කතා බහක් නොමැති පුද්ගලයකු වුවත් ඔහු ඉතා සියුම් විහිලු කිරීමෙහි සමතකු ලෙස ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගගන හා කියා සිටියේය.

76 වැනි  වියේ පසු වූ මහා විද්‍යාඥයා කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේදී මාර්තු 14 බදාදා උදෑසන මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයන් දැනුම් දී තිබේ.

76 වෙනි වියේ පසු වූ ස්ටීවන් හෝකින් කේම්බ්‍රිජ්හි පිහිටි තම නිවසේදී 14 බදාදා  උදෑසන අවසන් ගමන් ගිය බව තමාට දැනගන්නට ලැබුන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගගන හා කියා සිටියේය.

හෝකින් ගේ පෙම්වතී

තමාට වඩා වයසින් එක් අවුරුද්දක් වැඩිමල්  ස්ටීවන් හෝකින් හදුනාගන්නා විටත් ඔහු නිරෝගී තත්වයෙන් නොසිටිය බව පෙන්වා දෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කරන්නේ ඒ වන විටත් ඔහුගේ දිරාපත්වන රෝගය ගැන දැන සිටි ඔහුට පෙම් කළ තැනැත්තියක් සමග ඔහු විවාහ වී සිටි බවයි.

කළු කුහර සහ සාපේක්ෂතාවාදය පිළිබඳ සොයා ගැනීම් සිදුකළ විද්‍යාඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් ස්ටීවන් හෝකින් ඉතා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙලෙන බව අනාවරණය වන විට  ඔහු 22 වැනි වියේ පසුවිය.

1970 දී  තමා සරසවියෙන් පිටවන විට ස්ටීවන් හෝකින්  රෝද පුටුවක තබා ගෙනයන තත්වයට පත්ව සිටි අතර 1974 දී කළු කුහර සම්බන්ධයෙන් ස්ටීවන් හෝකින්  ඉදිරිපත් කළ න්‍යාය “හෝකින් විකිරණය” ලෙස හැඳින් වු බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කරයි.

තම ජ්‍යෙෂ්ඨ  සරසවි මිතුරා සම්බන්ධයෙන් මතකය අවදීකරන ආචාර්ය වික්‍රමබාහු ගගන හා කියා සිටියේ ගණිත ඉතිහාසයේත්, භෞතික විද්‍යා ඉතිහාසයේත් අයිසැක් නිව්ටන් ගෙන් පසු කේම්බ්‍රිජ් වල විසු ලොකුම විද්‍යාඥයා ස්ටීවන් බව සමහරු පවසන බවයි.

“ඔහු සොයාගත් දේවල් නිසා ලෝකය ඇතිවුණු හැටි ගැන දැනුමක් ලෝකයට ලැබුනා සේම විශ්වය අනන්ත බව නැවතත් ඔප්පු උනා.”

“විශ්වයේ උපත ගණිතය තුලින්ම විදහා දක්වන්නට පුළුවන් බව පෙනුනා. අපට පෙනෙන විශ්වය විශාල වෙමින් යන බවත් එයට ඉමක් ඇතැයි කිව හැකි වුණත්, ඒ වගේම තවත් විශ්වයන් පැතිරී තිබෙන නිසා අනන්තයට යන මහා විශ්වයක් තුළ අපේ විශ්වයත් එකක් බව ඔහු සොයා ගත්තා. ඒ අතර කළු ලප ගැනත් ඇත්ත හෙළි කළා. මේ කරුණ උඩ මැවුම්ම්කරු ගැන විශ්වාසයට තර්ජනයක් එල්ලවුනා”

Related posts

Comments are closed.

Top