‘අවතාරය’ සමග තරුණ කාල් මාක්ස් කොළඹදී

 

“ලංකාවේ වාමාංශයටත්, ලිබරල් සිවිල් සමාජයටත්, කලා සංස්කෘතික සමාජයටත් නොහැකි වු නව ප්‍රජාතත්ත්‍රවාදී විප්ලවය විය හැකියාවක් කිරීමට නම්”  තේමාව මුලික කරගනිමින්  ‘අවතාරය’ නමින් නව සඟරාවක් එළි දැක්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මාරුතයේ හඩ ප්‍රකාශනයක් ලෙස 2018 මාර්තු 27 අඟහරුවාදා කොළඹ 7 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එය ජනගත කිරීමට නියමිතව ඇත.

සඟරාව ජනගත කිරීමට සමගාමීව සම්මන්ත‍්‍රණයක් හා සිනමා දැක්මක්ද සිදු කෙරේ.

එදින ප.ව. 2 සිට ප.ව.3.30 – The Young Karl Marx චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර ප.ව. 3.30 සිට ප.ව.6  දක්වා සඟරාව ජනගත කිරීම හා සම්බන්ධ  ප්‍රධාන සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

සම්මන්ත්‍රණයේ ප්‍රවේශ අදහස “වාම මාධ්‍යකරණයේ බිද වැටීම සහ අපේ භුමිකාව” මැයෙන් දයා තම්මිට ආරච්චි විසින් සිදු කෙරේ.

“විමුක්ති දේශපාලනයට – පශ්චාත් මාක්ස්වාදී වැඩපිළිවෙලක්” මැයෙන් විදර්ශන කන්නන්ගර විසින්ද  “ස්ත්‍රීත්වයට එරෙහිව ස්ත්‍රීත්වය” මැයෙන් නදීකා බණ්ඩාර විසින්ද ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.

“සමාප්ත කාලයන් හා ඉරණමේ මිනිසුන් හමුවේ වමේ අභියෝග” මැයෙන් ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ සුමිත් චාමින්ද විසිනි.

 

 

Related posts

Comments are closed.

Top