පොදුරද මඩුලු මහ සමුලුවට ජනපති ලන්ඩන් | VIDEO

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් සිටී.

රටවල් 53 ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අපේ‍්‍රල් 16 සිට  21 දා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ මෙවර තේමාව “පොදු අනාගතයක් වෙත” යන්නයි.

හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ඉරිදා රාත්‍රියේ ළඟා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලය ඇතුළු දරු දැරියන් විසින් විසින් ලන්ඩනයේ හයිඩ් පාක් හි පාක් ලේන් හිල්ටන් හෝටලයේදී බුලත් හුරුළු  පිළිගෙන තිබේ.

 

අපේ‍්‍රල් 21 දා දක්වා සිදු කෙරෙන  නිල සංචාරය අතරතුර ජනාධිපතිතුමා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය  තෙරේසා මේ ඇතුළු  පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි..

පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට ද නියමිත ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩල කි‍්‍රඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය රුජිණගේ 92 වැනි ජන්ම දින උත්සවයකට ද සහභාගි වනු ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ පුවත් නිවේදනයක දැක්වේ.

Related posts

Comments are closed.

Top