තැලසිමියා වාහක ජෝඩු අතර විවාහයට රතු එළියක්

ලෝක තැලසිමියා දිනය මැයි 8  දිනට යෙදී තිබේ.‍

තැලසිමියා රෝගය තුරන් කිරිම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ දි ක්‍රියාත්මක කිරිමට යෝජනා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන සඳහන් කරයි.

එක් තැලසිමියා රෝගියෙක් වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක් පමණ මුදලක් වැය කරන අතර වාර්ෂිකව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 5%ක මුදලක් තැලසිමියා රෝගීන් සඳහා වැය වන බව වෛද්‍ය කපිල පියසේන පවසයි.

තැලසිමියා යනු රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලෝබින් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවයක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයකි.

ශ්‍රි ලංකාවේ තැලසිමියා රෝගීන් සෑම ප්‍රදේශයකම වාර්තා වී ඇති නමුත් වැඩි වශයෙන් රෝගින් වාර්තා වන්නේ උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට නිරන්තරයෙන් රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගින් සංඛ්‍යාව 1500- 2000 අතර වන අතර ලංකාවේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් තැලසිමියා රෝග වාහකයන් වශයෙන් අනුමාන කර ඇති බව වෛද්‍ය කපිල පියසේන සඳහන් කරයි.

තැලසිමියා රෝග වාහකයන් දෙදෙනකු අතර විවාහයෙන් ලැබෙන දරුවන් ගෙන් 25% කට රෝගය වැළඳීමේ අවදානමක් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රෝගය වළක්වා ගැනීමට නම් එවැනි වාහකයන් අතර විවාහ වළක්වා ගත යුතු බව ද වෛද්‍ය කපිල පියසේන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

Comments are closed.

Top