හිදැස: ජනාධිපතිගේ ප්‍රතිපත්ති කතාව, එජාප ප්‍රතිසංස්කරණ, කැබිනට් ‘සංශෝධන’ සහ ජවිපෙ ගෙනා 20 සංශෝධනය

මැයි 8 වැනි දින පැවැත්වීමට නියමිත වූ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති කථාවේ වටිනාකම පිළිබඳව සිංහල පුවත්පත් මගින් ගැඹුරින් තක්සේරු කොට තිබුණත්, ඒ සම්බන්ධයෙන් වූ දමිළ පුවත්පත් වාර්තාකරණයන් විශාල වශයෙන් ලුහුඬු පුවත් වලට පමණක් සීමා විණි. කෙසේ වුවත් වීරකේසරී ලිපියක් මගින් නිරීක්ෂණය කරන්නට යෙදුණේ රජය මගින් ජාතික ගැටළුව දේශපාලනික එකඟතාවයක් හරහා විසඳීමට අදහස් කරන්නේද යන්නත්, එසේ නම් ඒ සඳහා සිදුකළ හැකි න්‍යාය පත්‍රයකුත් සිය ප්‍රතිපත්ති කථාවට ඇතුළත් කිරීම සඳහා ජනපතිවරයාට සදාචාරාත්මක වගකීමක් ඇති බවටයි.

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව සිංහල සහ දමිළ භාෂා දෙකේ පුවත්පත් ආවරණයේ ප්‍රමාණයන් අතර සැලකිය යුතු ප්‍රමාණාත්මක හිදැසක් පැවතියත්, එම දෙපිරිසම පුළුල්ව එකඟත්වයකට පැමිණ තිබූ කරුණ වූයේ මෙම ව්‍යාපෘතිය මගින් එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍යයෙන් පවත්නා තත්වය සවිබල ගැන්වීම සහ රනිල් වික්‍රමසිංහගේ බලය තවදුරටත් තිරසාර කිරීම පමණක් සිදුවන බවටයි.

‘හාස්‍ය උපදවන’ කැබිනට් තනතුරු සංශෝධනය

තම ධූර කාලයේ ප්‍රථම අවුරුදු තුන තුලදී සිවුවැනි වරටත් කැබිනට් ඇමති මණ්ඩලය සංශෝධනය කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් භාෂා ද්විත්වයේම පුවත්පත් මගින් රජයට දැඩි විවේචන එල්ල වී තිබිණි.

මෙම තනතුරු සංශෝධනය කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් පළවූ දෝෂදර්ශී දෘෂ්ටීන් වෙත ප්‍රධාන පෙළේ දමිළ මෙන්ම සිංහල පුවත්පත්ද ප්‍රමුඛ ආවරණයක් ලබාදී තිබිණි. මෙම වාර්තාකරණයේදී, නිල විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සැලකිය යුතු ලෙසින් අතුරුදහන්ව තිබිණි. භාෂා දෙකේම දේශපාලන නිරීක්ෂකයන් විසින් මෙම සංශෝධනය දැක තිබුණේ, තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජනපති විසින් ගන්නා අපේක්ෂා භංගත්වයෙන් යුතු වෑයමක් ලෙසිනි. මෙහිදී රජය චිත්‍රණය වී තිබුණේ දුර්වල සහ අස්ථිර එකක් ලෙසිනි.

තවදුරටත් දමිළ තිනකුරල් පුවත්පත මගින් මතු කොට දක්වන්නට යෙදුණේ, මින් පෙර ජනපතිවරයා යටතේ තිබූ ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය කැබිනට් සංශෝධනයෙන් පසු මනෝ ගනේෂන් වෙත මාරු කොට ඇති බවයි. ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලය සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය යන දෙකම මෙම අමාත්‍යාංශයේ ජනපති යටතේ ක්‍රියාකාරී වුණි. උක්ත ලිපිය මගින් තර්ක කොට තිබුණේ මෙම කාර්යාලයන් විධායක ජනාපතිවරයාගෙන් ඉවත් කොට සුළුතර වාර්ගිකත්වයක් ඇති ඇමතිවරයෙකු වෙත මාරු කිරීම මගින් මෙම කාර්යාල දෙක දරුණු ලෙසින් බෙලහීන කෙරෙනු ඇති බවටයි. එසේම ජනපතිවරයා විසින් දමිළ ජනතාවට ලබාදුන් ප්‍රතිඥා පිළිබඳ පුද්ගලික වගකීමෙන් තමන්වම නිදහස් කරගැනීම සම්බන්ධයෙන්ද ජනපති සිරිසේනට මෙම ලිපියෙන් චෝදනා එල්ල කොට තිබිණි.

20 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දමිළ පුවත්පත්

ජනතා විමුක්ති පෙරමුණ මගින් යෝජනා කොට ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී පනත් කෙ‍ටුම්පතක් ලෙසින් ගෙන කරුණු තුනක් පදනම් කරගනිමින් දමිළ පුවත්පත් මගින් විවේචනයට ලක් කොට තිබිණි.

පළමුව දමිළ දේශපාලන නිරීක්ෂකයන් තර්ක කොට තිබුණේ, මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙ‍ටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා ඇත්තේ ඉතාම සුළු අවස්ථාවක් වූවත්, එය ඉදිරිපත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඇති පෙළඹවීම වන්නේ සරලවම මහජන කතිකාව තුළ තමන් සිටිනා බව පෙන්වීම සහ මීලඟ මැතිවරණයන්ට පෙර තමන්ව ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක් ලෙසින් පෙන්වා දීම වන බවටයි.

දෙවෙනුව දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් තර්ක නගා තිබුණේ, 20 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ලෙසින් පාර්ලිමේන්තුව මගින් ‍තෝරා පත්කරගත යුතු බවට යෝජනා වී තිබුණත්, ජනාධිපතිවරණයකදී ජනතාව සෘජුවම ඡන්දය ලබාදීම හරහා ජනපතිවරයා ජනතාවට වඩාත් වගකිව යුතු වන බවටයි.

තුන්වනුව රජය ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමේ උත්සාහයක් ලෙසින් ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පෙන්වා දීමද ප්‍රශ්න කෙරී තිබිණි. දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් තර්ක කොට තිබුණේ, ශ්‍රී ලාංකීය රාජ්‍යය ප්‍රගතිශීලී ලෙසින් නැවත සැකසීමේදී නියමාකාරයෙන් නම් දමිළ ස්වයං-නිර්ණ අයිතිය හෝ අඩු තරමින් අර්ථාන්විත පළාත්බද බලය විමධ්‍යගත කිරීමක් සිදුකිරීමට හෝ ඉඩ ලබාදිය යුතු බවටයි. මෙම සතියේ යාපනයේ තිබූ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින ‍රැළියේදීද මෙම තර්කය දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් විසින් නැවතත් මතුකර දක්වන්නට යෙදිණි.  තිනකුරල් කතුවැකිය මගින්, 2004 වසරේ සටන් විරාම ගිවිසුම අවසන් කිරීමෙහි ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාවද ගනිමින් පෙන්වා දී තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණේ මෙම ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප‍ටු කල්පනාවසැබවින්ම වර්තමාන ව්‍යවස්ථා සම්පාදන කතිකාවෙන් බලය විමධ්‍යගත කිරීමේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන්ම ඉවත් කරවීම සඳහා වන වංක උත්සාහයක් ලෙසින් චිත්‍රණය කරමිනි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් තුළ වූ උග්‍ර සිංහල ජාතිකවාදී කණ්ඩායම් මගින් මෙම යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විස්තර කොට තිබුණේ, විධායකයට හානි සිදුකර රට බෙදීමට තැත් කරනා එල්ටීටීඊ හිතවාදී ව්‍යවස්ථාපිතයක් ලෙසිනි. සිංහල-බෞද්ධ ජාතිකවාදීන් තුළ ඇති දීර්ඝ කාලීන දෘෂ්ටිය වන්නේ, ශ්‍රී ලංකාවේ දේශභෞමික ඒකීයත්වය ආරක්ෂා කිරීම සඳහා සහ දේශපාලනික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා විධායක ජනාධිපති ධූරය ‍රැක ගැනීම මූලික වන බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top