නෙලුම් පොකුණේ මකරන්ද ජූනි 9 දා

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ  ගායක ගායිකා සුසංයෝගයකින් පැවැත්වෙන මකරන්ද පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි මස නව වැනි දා නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි,  නිලක්ෂි හැලපියිට, සමන් ලෙනින් හා ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ ගේ සුසංයෝගයෙන් මකරන්ද ප්‍රසංගය පැවැත්වේ.

සරල, ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය, ගීත ශෛලීන්ට අයත් ගීත මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිත අතර පැරණි නූර්ති,ව්නාඩගම්, මානව වංශ, ක්‍ෂේත්‍රගත ගීත සහ අතීත හා වර්තමාන රසික පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත එකතුවක් ලෙස සංව්ධායකයෝ මෙම ප්‍රසංගය හඳුන්වති.

එහි සංවිධායක මණ්ඩලය ලෙස සමන් අතාවුද හෙට්ටි, නිමල් ඒකනායක, බුද්ධදාස ගලප්පත්ති හා අනුර බණ්ඩාර රාජගුරු යනාදීහු කටයුතු කරති.

Related posts

Comments are closed.

Top