වෙනස්කම් පෑමට විරුද්ධව උතුරේ දොස්තර වර්ජනයක්

දිවයිනේ අනිකුත් පලාත් වල දොස්තරවරුන්ට දුන් ලෙසින්ම තමන්ටත් හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ‍උතුරු  පළාතේ සේවය කරන වෛද්‍යවරුන් 14 සඳුදා වැඩ වර්ජනයක් දියත් කර තිබේ.

2015 චක‍්‍රලේඛන අනුව වැඩිවිය යුතු විශේෂ දීමනා අතිකාල දීමනා හා හිඟ වැටුප් මෙතෙක් ලබාදීමට කටයුතු කර නැති බවට චෝදනා කරමින් වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරත වු බව ගගන යාපනය වාර්තාකරු පවසයි.

වැඩවර්ජනය හේතුවෙන් උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත‍්‍රික්කයන් හි රෝහල් රැසක දෛනික කටයුතු අඩාල වී තිබේ.

වෙනත් පළාත්වල සිටින වෛද්‍යවරුන් වෙත හිඟ වැටුප්, අතිකාල් දීමනා හා විශේෂ දීමනා සියල්ල ලබා දී ඇතත් උතුරේ වෛද්‍යවරුන් වෙත එම දීමනා  ලබාදීම මාස ගණනක් ප‍්‍රමාද කර ඇති බවට වෛද්‍යවරු චෝදනා කරති.

 

Related posts

Comments are closed.

Top