මහසෝන් ලොක්කා තවත් දෙසතියක් රිමාන්ඩ්

මහනුවර මුස්ලිම් විරෝධී කැරලි සංවිධානය කළ බවට සැක කෙරෙන මහසොහොන් බලකායේ ප්‍රධානියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

පස් දිනක් තිස්සේ මහනුවර මුස්ලිම් විරෝධී කැරලි සංවිධානය කළ බවට සැක පිට මාර්තු 8 බ්‍රහස්පතින්දා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද විදානපතිරගේ අමිත් ජීවන් වීරසිංහ සහ තවත් සැකකරුවන් නම දෙනකු  මැයි 14 සදුදා  යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් මැයි 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තෙල්දෙනිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ වන විට අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින බව ගගන මහනුවර වාර්තාකරු පවසයි.

මුස්ලිම් විරෝධී උඩරට කැරැල්ලෙහි මහමොලකරුවකු බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහසෝන් බලකායේ නායකයා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් දා රාත්‍රියේ දිගනට ගෙන්වාගත්තේ මහනුවර නීතිය හා සාමය භාර ප්‍රධාන පොලිස් නිලධාරියා බවට ද  මීට ඉහතදී බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

Related posts

Comments are closed.

Top