ඇදුම දිනට පා ගමනක්

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පාගමනක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ  වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයා සදහන් කරයි.

ලෝක ඇදුම රෝග දිනය මැයි 1 ට යෙදී තිබු අතර ඒ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 14 සදුදා  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් හම්බන්තොට රෝහලේ, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධි සමරසේකර ඒ බව පවසා තිබේ.‍

ජූනි 5 දිනට යෙදී තිබෙන පරිසර දිනය දී මහනුවර නගරයේ දී ශ්වසන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් පැවැත්විමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන් ම කැන්ඩි සිටි සෙන්ටර් හී දී පෙනහළු පරීක්ෂා කිරීමේ සායනයක් ද පැවැත්වෙන අතර ඒ සඳහා ජනතාවට සහභාගී වන ලෙස වෛද්‍ය බෝධි සමරසේකර ඉල්ලා සිටි.

ඇදුම රෝගය ලෝකයේ සැළකිය යුතු ප්‍රතිශතයකට තිබෙන බැවින් එය  ආර්ථිකයට ද යම් බලපෑමක් සිදු වන අතර රෝගය පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම වැදගත් බවත් වෛද්‍ය සමරසේකර වැඩි දුරටත් පවසා තිබේ.

Related posts

Comments are closed.

Top