ඇහැලේපොළ කුමාරිහාමි සමරුවක්

සිංහල වීර කාන්තාවක් වු ඇහැලේපොල  කුමාරිහාමිගේ  දෙසිය  පස්වන  ගුණ සමරු උළෙල මේ මාසයේදී   අති උත්කර්ෂවත්ව  පැවැත්වෙන  බව ඇහැලේපොල  මාතලේ  ව්රුවන්  සැමරීමේ  සංවිධානයේ අනුශාසක පුජ්‍ය  පාලාවත්තේ  සෝනුත්තර  හිමිපාණන්  පවසයි.

ඒ අනුව  මැයි මස 16දා පස්වරු  4.00ට ඇහැලේපොල  පුරාණ විහාරස්ථානයේදී විශේෂ බෝධි පුජා පුණ්‍යකර්ම පැවැත්වේ.

මැයි  17දා පස්වරු  2.00ට ඇහැලේපොල වීර මද්දුම බණ්ඩාර ළමා විරුවාගේ පිළිරුවට  පුෂ්පොපහාර දක්වා  එතැන් සිට අලංකාර පෙරහරකින් ඇහැලේපොල  විහාරස්ථානය අභියසට  පැමිණ උපහාර පෙරහර විහාරස්ථානය අසල පිහිටි පුරාණ වැව අසල ඉදිකර ඇති  ඇහැලේපොල කුමාරිහාමිගේ  පිළිරුවට  පුෂ්පෝපහාර  දැක්වීමට නියමිතය.

එයට සමගාමිව  පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින්  සකස් කළ ඇහැලේපොල පවුලේ විස්තර ඵලකය බස්නාහිර පළාත් ආණ්ඩුකාර  ආචාර්ය  හේමකුමාර නානායක්කාර විසින්  නිරාවරණය  කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් අනතුරුව ප.ව. 3.00ට පැවැත්වෙන උපහාර උත්සවයේදී ඇහැලේපාල කුමාරිහාමි  පිළිබඳ ව විශේෂ දේශනය ආචාර්ය හේමකුමාර නානායක්කාර   විසින්  පැවැත්වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top