රාජ්‍ය මාධ්‍ය ආයතන මෙහෙයැවීමට කාන්තාවන්

ආණ්ඩුවේ පාලනය යටතේ පවතින රූපවාහිනී ආයතන දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි (ජාතික රූපවාහිනිය ) සහ ස්වාධීන රූපවාහිනී සේවයෙහි (අයි ටී එන් ) අධ්‍යක්ෂ මණ්ඩල සභපති තනතුරු සඳහා කාන්තාවන් දෙදෙනෙක් පත් කිරීමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පියවර ගෙන තිබේ.

මෙම පත්වීම් මැයි 14 සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කොට ඇති බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ප්‍රවීන සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනියේ සභාපතිනිය වශයෙන් පත් තර තිබේ.

ස්වාධීන රූපවාහිනියේ වැඩබල  සභාපති ධුරයට පත් කොට ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරිනියක වන මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) තිලකා ජයසුන්දර යි.

ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරු සඳහා කාන්තාවන් පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව රජය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයට හිටපු සභාපති සිද්දි මොහොමඩ් ෆාරුක් නැවතත් පත් කොට ඇත.

ඔහු  පළමු වරට ඒ සදහා  පත්කරනු ලැබූවේ 2017 දෙසැම්බර් මාසයේදී ය.

‘සැලසිනේ’ ආයතනයේ සභාපති තනතුරටද කාන්තාවක් පත් කොට ඇත.

‘සැලසිනෙ’ නව සභාපතිනිය උමා රාජමන්ත්‍රී ය.

Related posts

Comments are closed.

Top