ඉන්ෆ්ලුවෙන්සා පරීක්ෂණ සඳහා සෙම් පටල හොංකොං යවයි

ඉන්ෆ්ලුවෙන්සාව,  රුබෙල්ලා, සරම්ප වැනි වෛරස තත්ත්වයක් නොවන අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තම ස්වරූපය අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙන් ද වෙනස්කරගන්නා සුවිශේෂ වෛරස තත්ත්වයක් බැවින් ඒ සඳහා එන්නතක් භාවිත කිරීම අභියෝගයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ 4 සදුදා  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබුණු සෙම් පටල අති නවීන මවුලික පරීක්ෂවලට භාජනය කිරීම හරහා ප්‍රධාන වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය හඳුනාගෙන ඇති අතර සුළු වශයෙන් RSV හා ඇඩිනෝ වෛරසය හමු වූ අවස්ථාවන් ද ඇති බව පෙන්වාදෙන වෛරස් රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙම කාලය සාමාන්‍ය වශයෙන් මෙම වෛරසය පැතිරීම සිදුවීම වසර 10ක පමණ සිට හඳුනාගෙන ඇතැයි ද පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සෙම්පටල හොංකොං වෙත යවා ඇතැයි ද පෙන්වාදුන් වෛද්‍යවරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ  මෙම වෛසරය සඳහා එන්නතක් ලබාදීමට කටයුතු කරන්නේ නම් එය වාර්ෂිකව ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

Related posts

Comments are closed.

Top