ක්‍රීඩාවේ තහනම් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර සමුළුවක්

ක්‍රීඩාවේ මත් ද්‍රව්‍ය භාවිතයට විරුද්ධ ආසියා ශාන්තිකර රටවල අමාත්‍යවරුන්ගේ සමුළුවක්    මේ මස 18 සහ 19දිනවල  කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර මෙම සමුළුව “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන්” යන තේමාවෙන් යුතු ව පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ දී ක්‍රීඩාවේ තහනම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා සැලසුම් කොට ඇත.

දින 02ක් පුරා පැවැත්වීමට සංවිධානය කර ඇති මෙම සමුළුවේ දී රටවල් 45ක් අතුරින් ශ්‍රී ලංකාව ඇතුළු ව රටවල් 28ක් තම ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම, තම දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමමට නියමිතය.

එමෙන්ම උත්තේජක මර්දනය සඳහා ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ උත්තේජනය මර්දනය කිරීම සඳහා පදනමක් නිර්මාණය කිරීමත් එමගින් ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපය නියෝජනය කරන උත්තේජන මර්දන ආයතනයන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි කටයුතු වන නිරත වනු ඇති බවත් රජය පවසයි.

මෙවර පැවැත්වෙන සමුළුවට ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ නියෝජිතයන් ඇතුළු විදේශ නියෝජිතයන් 71දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබේ.

Related posts

Comments are closed.

Top