මන්නාරම සතොස සමූහ මිනීවලින් ඇටසැකිලි පාදාගනී | VIDEO

මිනිසුන්ගේ බවට හඳුනාගත හැකි ඇටසැකිලි කිහිපයක් මන්නාරම සතොස මිනීවලින් පාදාගෙන තිබේ.

සතොස මිනීවලේ කැනීම් කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් පවසන්නේ අඩුම වශයෙන් තිදෙනකුගේ බව පෙනී යන ඇට සැකිලි දැකගත හැකි වූ බවයි.

එම ඇටසැකිලි හමුවී ඇත්තේ 12 වැනි හා 13 වැනි දිනයේ කැනීම් සිදු කරද්දීය.

මීට ඉහතදී සතොස සමූහ මිනී වලෙන් හිස් කබල්, හකු පාඩා සහ වෙනත් අස්ථි කැබලි හමුවී තිබුනි.

මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ සහ කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව විසින් මන්නාරම දිසා විනිසුරු එම් එම් ඇලෙක්ස්රාජා ගේ නියෝගය පරිදි කැනීම් සිදු කරනු ලැබේ.

පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක් කර මරා දමන ලද පුද්ගලයන්ගේ සිරුරු මන්නාරම සතොස භූමියේ  වලදමා ඇති බවට අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සැක කරන බව ප්‍රදේශයේ නීතිඥවරු පවසති.

කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය ද ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය බලධාරීන්ට ලබා දෙන බව OMP ප්‍රධානී සාලිය පීරිස් ත්‍රිකුණාමලයේදී මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

මැදවච්චිය මන්නාරම මහා මාර්ගය පසෙක ඇති සතොස භූමියේ නව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරද්දී මුලින්ම මිනිස්‌ ඇටකැබලි හමුවූයේ මැයි 16 දාය.

Related posts

Comments are closed.

Top