නොරොච්චෝලේ නිසා ඇසිඩ් වැසි අවදානමක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිදහස් වන ආම්ලික වායු නිසා උතුරු මැද පළාතේ ඇසිඩ් වැසි වැටී වනාන්තර විනාශ වී යා හැකි බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

පරිසරවේදී ආචාර්ය රනිල් සේනානායක පවසන්නේ  ගුණාත්මක බවින් තොර ගල් අඟුරු භාවිතය හා ගුණාත්මකභාවය පාලනය නොකිරීම නිසා එවැනි හානිදායක තත්වයක් ඇතිවිය හැකි බවයි.

මෝසම් රටා අනුව, සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රික් ඔක්සයිඩ් අඩංගු දුමාරය අනුරාධපුරය සහ පොලොන්නරුව යන ප්‍රදේශවලට සුළඟ හරහා ගමන් කළ හැකිය.

ඉන් අනතුරුව ඇසිඩ් වැසි සෑදීමේ ස්වභාවික ක්‍රියාවලිය වලාකුළු තුළ සිදු වේ.

“ඇසිඩ් වැසි වනාන්තරවලට ඇද වැටෙන විට ශාක පත්‍ර පිලිස්සී,  ප්‍රභාසංස්ලේෂණය නවතී. ඇසිඩ් වැස්ස පසට වැටෙන විට, බැක්ටීරියා මරුමුවට පත්වී ශාක වල වර්ධනය බාල වේ, ” යි ආචාර්ය රනිල් සේනානායක පවසයි.

 

 

Related posts

Comments are closed.

Top