හිදැස: අස්ගිරියේ හිට්ලර් අනුශාසනාවට බෞද්ධ මෙන්ම නිරාගමික විරෝධය හා ඔඩ්ඩුසුඩාන් ආයුධ

මෙම සතියේ සිංහල පුවත්පත් තුළ නීතිය හා සාමය පිළිබඳව වූ වාර්තාකරණයේ මූලික අවධානය යොමුව තිබුණේ මාතර ස්වර්ණාභරණ වෙළෙඳසැලක් මංකොල්ල කෑ සිදුවීමේ සැකකරුවෙකු වූ චාමර ඉන්ද්‍රජිත්ගේ මරණය සහ අසන්නට ලැබෙනා ලෙසට පාතාල ලෝකයට ඔහුගේ ඇති සම්බන්ධතාවයන් වෙතය. දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ මෙම සිදුවීම ලබාගෙන තිබුණේ සීමාසහිත අවධානයක් පමණි. නීතියේ ආධිපත්‍යය පිරිහී ඇති බවට අසන්නට ලැබීම සම්බන්ධයෙන් ශෝක වූ වීරකේසරී කතුවැකිය මගින් චාමර ඉන්ද්‍රජිත්ව සැකපිට අත් අඩංගුවට ගත් මාතර ස්වර්ණාභරණ වෙළෙඳසැල කොල්ලය අතරතුරදී මිය ගිය පොලිස් කොස්තාපල් වරයා සම්බන්ධයෙන් සඳහන් කර තිබුණත්, චාමර ඉන්ද්‍රජිත් පොලිස් අත් අඩංගුව යටතේ සිටියදී මිය යෑම වාර්තා කර නොතිබුණි.

හිට්ලර් උදාහරණය

මෑතකදී අස්ගිරිය පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ වෙත උපදෙස් දෙමින් කළ ප්‍රකාශයකින්, හිට්ලර් විසින් සිදුකළ ලෙසට නායකත්වය ගෙන රට දියුණු කරනා ලෙසින් ඉල්ලා තිබිණි. මෙම ප්‍රකාශය භාෂා දෙකේම පුවත්පත් තුළ පුළුල් අවධානයක් ලබාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ වූ මතාන්තරයන්,  පක්ෂ වන්නාවූ සහ ප්‍රතිපක්ෂ වන්නාවූ දෘෂ්ටීන් වෙත විශාල වශයෙන් ඒකාබද්ධ වී තිබිණි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් අනුනායක හිමියන් සම්බන්ධයෙන් දැඩි ලෙසින් විවේචනාත්මක වී තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මෙම ප්‍රකාශය කළ උපාලි තෙරුන්ද පසුව මෙම හිට්ලර් සංසන්දනය යනු සැබවින්ම ‘දැඩි තීරණ ගන්නකු’ සම්බන්ධයෙන් කළ සඳහනක් ලෙසට නව අරුත් ගැන්වීමක් සිදුකර තිබුණත්, දමිළ පුවත්පත් මගින් මෙය වඩාත් පුළුල් අර්ථයකින් ගෙන තිබිණි.

උදාහරණ ලෙසින් දක්වන්නේ නම් උදයන් කතුවැකිය මගින් යෝජනා කොට තිබුණේ හිට්ලර් ලෙසින් රාජ්‍ය කරවීම යනු රටේ සුළුතරය ඝාතනය කිරීම සහ කොල්ල කෑම වනු ඇති බවටයි.

ශ්‍රී ලාංකිකයන් මිලිටරි පාලනයක් ප්‍රාර්ථනා නොකරන බව දක්වමින් උක්ත ප්‍රකාශය අනුමත නොකරමින් සිංහල පුවත්පත් තුළ වූ හඬට වෙනස් ලෙසින්, දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් තර්ක කොට සිටියේ අනුනායක හිමියන්ගේ ප්‍රකාශය සැබවින්ම සිංහල බෞද්ධ බහුතරයේ අභිමතය වන බවටයි. වීරකේසරී තීරු ලිපි රචකයකු විසින් නිරීක්ෂණය කොට තිබුණේ, සිංහල බහුතරවාදය තුළ දමිළ ප්‍රජාවත්, උතුර හා නැගෙනහිරත් මිලිටරි ඒකාධිපති පාලනයක් යටතට සම්පූර්ණයෙන්ම ගැනීමේ අපේක්ෂාව ඇති බවයි. උපාලි හිමියන්ගේ ප්‍රකාශය මත පදනම් වෙමින් දමිළ පුවත්පත් මගින් වැඩිදුරටත් සඳහන් කරන්නට යෙදුණේ, ගෝඨාභය රාජපක්ෂ හට ඇති මූලික සහාය සැබවින්ම පැන නඟින්නේ බලයට පැමිණි විටදී මෙන්ම බලය නොමැතිව වුවත් යකඩ හස්තයකින් යුතුව පාලනය මෙහෙයවන ඒකාධිපතියෙකු ලෙසින් ඔහු ක්‍රියාත්මක වනු ඇතැයි යන හැඟීම තුළින් බවයි.

තවදුරටත් සිංහල පුවත්පත් තුළ මේ සම්බන්ධයෙන් වූ ප්‍රතිපක්ෂ අදහස් දැක්වූ අය- එනම් ජනපති, අගමැති සහ රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරුන් ඇතුළු වෙනත් අය– විශාල වශයෙන් සිය තර්ක ගොඩ නඟා තිබුණේ බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටා වූ අතර, මෙම ප්‍රකශය සිදුකරන්නට යෙදුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වීම එයට හේතුව ලෙසින් ගත හැක. කෙසේ වුවත් මැතිවරණ තුළින් ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදය, හිට්ලර්ගේ ෆැසිස්ට්වාදයට එරෙහිව තබමින් දමිළ පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් දැක්වූ විවේචන නිරාගමික අදහස් තුළින් පැන නැගී තිබිණි. දමිළ ලියුම්කරුවන් කිහිප දෙනකු විසින්ම හිට්ලර්ගේ ෆැසිස්ට්වාදය පිළිකෙව් කොට තිබුණේ එය විසි එක් වැනි සියවසට නොගැලපෙන, නීත්‍යානුකූල නොවනා පාලන ක්‍රමයක් ලෙසින් සලකමිනි.  සිංහල පුවත්පත් තුළ යම් යම් කොටස් තුළද එම අදහස් ප්‍රති‍රැව් දී තිබුණේ, හිට්ලර් පාලනය අමානුෂික එකක් ලෙසින් දක්වමිනි.

කාටුනය: වීරකේසරී

ඔඩ්ඩුසුඩාන්: කාගේ කුමන්ත්‍රණයක්ද?

මුලතිවු හි ඔඩ්ඩුසුඩාන් හි ත්‍රීරෝද රථයකින් එල්ටීටීඊයට සම්බන්ධ බවට සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීම සහ ඒ අත්අඩංගුවට ගැනීම සිංහල පුවත්පත් තුළ සැලකිය යුතු අවධානයක් අත්පත් කොට ගැනීමට සමත් වූවද, දමිළ පුවත්පත් තුළ එය ප්‍රධාන පුවතක් වී නොතිබුණි. සිංහල පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් මෙහිදී එල්ටීටීඊය නැවත පණ ලැබීමට ඇති හැකියාවක් සම්බන්ධයෙන් වන සැකශංකා දක්වා තිබුනේ, එයට බලය ලබාදෙන බලවේගය ලෙසින් දමිළ ඩයස්පෝරාවද සම්බන්ධ කර දක්වමිනි.

කෙසේ වුවත් දමිළ පුවත්පත් මගින් අවධාරණය කොට දක්වා තිබුණේ, මෙවැනි පළමු සිදුවීම මෙය නොවන බවයි. ඔවුන් පෙන්වා දුන්නේ 2014 අප්‍රේල් මසදී හිටපු එල්ටීටීඊ සාමාජිකයින් වන අප්පන්, ගෝපි සහ තෛවීගන් එල්ටීටීඊය නැවත නඟා සි‍ටුවන්නට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මරා දැමූ බවට සැක ඇති බවයි. 2016 මාර්තු මාසයේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය (TID) මගින් යාපනයේ චාවකච්චේරිහිදී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමක් සහ උණ්ඩ සොයාගෙන තිබිණි. ඉන්පසුව 2017 ජනවාරි මාසයේදී ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඝාතන සැලසුමකට සම්බන්ධ වූ බවට පැවසෙන හිටපු එල්ටීටීඊ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවද වාර්තා විණි.

ලංකාවේ ආරක්ෂක අංශ මගින් මෙම එක් එක් කුමන්ත්‍රණයක් ඵල දැරීමට ඉඩ නොතියා ශ්‍රී  සාර්ථකව වැළැක්වූ බව ඉස්මතු කොට දක්වන්නට යෙදුණු උදයන් කතුවැකිය මගින් උක්ත වාර්තාවන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් ගොස් ඉඟි පළ කොට තිබුණේ, මෙම නවතම සිදුවීම ඇතුළු සිදුවීම් සියල්ලම ‘නිර්මාණය කරන ලද සිදුවීම්’ වලට වඩා වැඩි යමක් නොවීමටද ඉඩ ඇති බවයි. තවදුරටත් කතුවැකිය මගින් දක්වා තිබුණේ ඉහත සඳහන් කළ සිදුවීම් වල සැකකරුවන් හමුදා බුද්ධි අංශයට සම්බන්ධ බවට ගම්වාසීන් විශ්වාස කරනා බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින්, එල්ටීටීඊය නැවත පණ ලැබීම මැඩපැවැත්වීමේ දී ආරක්ෂක අංශ පෙනෙනා ලෙසට දක්වන කාර්යක්ෂමතාවයට ප්‍රතිවිරුද්ධ ලෙසින් තබමින්, මෑතකදී හය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයකට ලක් කොට ඝාතනය කිරීම වැනි සිදුවීම් වැළැක්වීම නැතිනම් යාපනයේ සිටිනා මන්නා පිහි කල්ලි පැතිරීම වැළැක්වීම විෂයෙහි ආරක්ෂක අංශ දක්වන නොහැකියාව පෙන්වා දී තිබිණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top