උතුරේ අම්මලාට සහාය පිණිස කොළඹ දෙදින විරෝධතා

නම අවුරුද්දකට වැඩි කලක් අතුරුදහන් සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස රජයට බලකරමින් දින 500 කට වැඩි කාලයක් අඛණ්ඩ අරගලයක යෙදීත් සහනයක් නොලද උතුරේ මව්වරුන්ට සහාය පළ කරමින් අගනුවර විරෝධතාවක් සංවිධානය කර තිබේ.
එම විරෝධතාවය 2018.07.12 බ්‍රහස්පතින්දා පස්වරු 4 සිට 13 සිකුරාදා රාත්‍රි 11.30 දක්වා  කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලදී පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
සත්‍යය හා යුක්තිය වෙනුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අරගල කරන්නා වු අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට සහාය පිනිස එම විරෝධතාවය සමග එක්වන ලෙස එය සංවිධානය කරන මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ඉල්ලා සිටි.
අතුරුදහන් කර ඇති සමීපතමයන්ගේ  ඉරණම හෙළිකර ගැනීම වෙනුවෙන් වීදියේ සටන් වැද  සිටින උතුරේ ජනතාව පවසන්නේ  අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා වත්මන් ආණ්ඩුවෙන් කිසිදු සහායක් නොලැබෙන බවයි.
ඒ හේතුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් තුලින්  තමන්ට යුක්තිය ඉටු විය යුතු බව ඔවුහු  දිගින් දිගටම කියා සිටිති.
පසුගිය වසරේ පෙබරවාරි 20 දින ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට මේ වන විට  දින 511 ක් සපිරේ.

Related posts

Comments are closed.

Top