වියත් මග පැසිස්ට් වේදිකාවක්: ඩිලාන් පෙරේරා | VIDEO

ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති වියත් මග සංවිධානය ෆැසිස්ට් අදහස් දොඩවන වේදිකාවක් ලෙස මහින්ද රාජපක්ෂ වාදී මන්ත්‍රීවරුන්ගේ හෙලා දැකීමට ලක් වී තිබේ.

එම වේදිකාවේ කතා පවත්වන හිටපු හමුදා නිලධාරීන් ගෙන් ප්‍රවේසම් වන ලෙස ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයකු හිටපු ආරක්ෂක ලේකම්වරයාට අනතුරු අඟවා සිටී.

“සරත් වීරසේකර මැතිතුමාලා අර කමල් ගුණරත්න වගේ මහත්වරු ඒ වේදිකාවේ දොඩවන ඒ ෆැසිස්ට් ආකාරයේ අදහස් එක්ක දෙමළ මුස්ලිම් ඡන්ද ආකර්ෂණය කරගන්න බෑ,” යි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිනම් පොහොට්ටුව සතු ඡන්ද ප්‍රමාණවත් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

Comments are closed.

Top