“සිංහල මහ ජාතිවාදීන්ගේ පිබිදීම”: ’80 වර්ජනය වෙනුවෙන් සම්මන්ත්‍රණයක්

1980 ජුලි මහා වැඩ වර්ජනයේ අත්දැකීම් ආශ්‍රිතව කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නව සම සමාජ පක්ෂය කටයුතු සුදානම් කර තිබේ.
එම සම්මන්ත්‍රණය 2018 අගෝස්තු මස 1 දා සවස 4.30 ට  කොළඹ මහජන පුස්තකාලයේ  කුඩා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ලංකා දුම්රිය සේවා සේවක සංගමයේ සභාපති රෙජී ෆොන්සේකා මුලසුන හොබවන මෙම සම්මන්ත්‍රණයේ දී  “සිංහල මහ ජාතිවාදීන්ගේ පිබිදීම” යන තේමාව යටතේ  නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න, නසසප දේශපාලන මණ්ඩල සභිකයන් වන ටෙරන්ස් පුරසිංහ, වල්ලිපුරම් තිරුනාවුකරසු හා  ප්‍රියන්ත වික්‍රමසිංහ අදහස් දැක්වීමට නියමිතය.
වැඩිදුර විස්තර සඳහා නව සම සමාජ පක්ෂයේ ජාතික සංවිධායක එන්. ජෙනගන් (07751 85438) හෝ අභ්‍යන්තර ලේකම් රංජිත් ගමගේ (07788 04159) අමතන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.

Comments are closed.

Top