ධර්මන්ගේ පියා ගේ අවසන් කටයුතු බදාදා බොරැල්ලේදී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ගේ පියාගේ අවසන් කටයුතු 8වන බදාදා පස්වරු 5ට බොරැල්ල සුසාන භූමියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

හිටපු විභාග කොමසාරිස්වරයකු වන ගුණපාල වික්‍රමරත්න අධ්‍යාපනඥයා පසුගිය 3 දා මියයන විට 92 වැනි වියේ පසුවිය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ කොළඹ නාලන්දා යන දෙවිදුහලේ මුල්ගුරුවරයා වූ  හෙතෙම අධ්‍යාපන විද්‍යාපීඨ පිහිටුවීමේ පුරෝගාමියා ලෙසින් එහි සමාරම්භක ප්‍රධාන කොමසාරිස්වරයාද විය.

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් සහ අධ්‍යාපන සේවා කමිටුවේ සභාපතිවරයකුද වන ගුණපාල වික්‍රමරත්නගේ දේහය පිටකෝට්ටේ, රුක්මල් පෙදෙසේ 434/3 නිවසේ 8 බදාදා දහවල් 12 දක්වා තැන්පත්කර තිබෙන අතර පසුව එදින පස්වරු 1 සිට 4 දක්වා කොළඹ නාලන්දා විදුහලේ මහජන ගෞරවය සඳහා තබනු ලැබේ.

අවමගුල් පෙරහැර පස්වරු 4 නාලන්දාවෙන් පිටත්වන අතර ආදාහන කටයුතු 8 බදාදා පස්වරු 5ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ.

Related posts

Comments are closed.

Top