දිනේෂ් විපක්ෂ නායක වෙනවාට බාහු කැමතියි | VIDEO

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදීමට  ඔහුගේ දේශපාලන විරුද්ධවාදියකු වන නව සමසමාජ නායකයා ප්‍රසාදය පල කර තිබේ.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට අමතරව විරුද්ධ පක්ෂයට තවත් නායකයකු බිහිවීමෙන්  සිංහල ජාතිකවාදී බලවේග තවත් බේද බින්න වීමට මග පාදනු ඇති බවට  ආචාර්ය වික්‍රමබාහු  කරුණාරත්න විශ්වාසය පල කරයි.

“ෆැසිස්ට්වාදී බලවේග එහෙමත් කෑලි තුනකට කැඩෙන නිසා,” තමන් ඒ ගැන සතුටු වන බව ආචාර්ය වික්‍රමබාහු ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍යවේදීන් අමතමිනි.

කෙසේ වෙතත්, බව නසසප නායකයා කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තත්, ඔවුන්ගේ ලේකම්වරයා ආණ්ඩුව නියෝජනය කරන හෙයින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට විපක්ෂ නායක ධුරය ඉල්ලීම නීත්‍යානුකූල නොවන බවයි.

දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකයා ලෙස පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් අට දෙනකු විසින් කරන ලද ඉල්ලීමක් ජූලි මස් 30 දා ලැබී ඇති බව කතානායක කාර්යාලය විසින් තහවුරු කර තිබේ.

Related posts

Comments are closed.

Top