හමුදා ට්‍රක් රථය හැප්පී පස් දරු තාත්තා මරුට | VIDEO

කිලිනොච්චි ඉරණමඩු මහාමාර්ගයේ ධාවනය කරමින් තිබු යතුරු පැදියක ගමන් ගත් පනස් එක් හැවිරිදි පස් දරු පියකු මරණයට ගොදුරු කරගනිමින් 155 වැනි සැතපුම් කණුව අසලදී  ගැටුනු හමුදා ට්‍රක් රථයක රියැදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ භාරතීපුරම් ගමේ පදිංචි කරුවකු වූ කේ කුගනේස්වරන් ය.

පෙරවරුවේ සිදුවූ මාරාන්තික අනතුර නිසා කෝපයට පත් ප්‍රදේශවාසීන් රියදුරාට පහර දීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත් වී වලක්වා ගනු එහි ගිය ගගන වාර්තාකරුට දැකගන්නට හැකිවිය.

නීතිය අනුව කටයුතු කරන බවට සහතික වූ සිවිල් ඇඳුමින් සිටි ඉහල පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථ රියදුරා අධිකරණයට පමුණුවන විට සිදුවූ දේ පිළිබඳව සාක්ෂි දෙන ලෙස ප්‍රදේශ වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

Comments are closed.

Top