ජන අරගලයේ කලාව ගැන සම්මන්ත්‍රණයක්

1953 හර්තාලයේත්, 1980 සත්‍යග්‍රහයේත් අත්දැකීම් ඇසුරින් අගනුවර ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු දෙකක් සලිත කළ එම බහුජන අරගල දෙකම දියත් කෙරුනේ අගෝස්තුවේය.

“ජන අරගලයේ කලාව” යන තේමාව යටතේ කොළඹ මහජන පුස්තකාලයේ කුඩා ශ්‍රවනාගාරයේදී අගෝස්තු 29 දා සවස 4 ට පැවැත්වෙන එම සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ නව සමසමාජ පක්ෂය විසිනි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ සහ ‘සමධර්මම්’ කර්තෘ නඩරාජා ජෙනගන් දේශන පැවැත්වීමට නියමිතය.

Related posts

Comments are closed.

Top