මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 104 දක්වා ඉහළට | VIDEO

හැටකට ආසන්න දින ගණනක් කැනීම් කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලෙන් හමුවූ සිරුරු සංඛ්‍යාව 104 දක්වා ඉහල ගොස් තිබේ.

තවත් මිනිස් ඇටසැකිලි ඉදිරියේදී හමුවනු ඇති බවට විමර්ශන පවත්වන විශේෂඥයෝ විශ්වාසය පල කරති.

ගොඩගත් සිරුරු අතරින් 97 ක් මේ වනවිට අධිකරණය භාරයට ගෙන ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

ඒ අතරින් දොළහක් බාල ළමුන්ගේ වන අතර කාන්තාවන්ගේ යයි සැක කෙරෙන ඇටසැකිලි වල ස්ත්‍රී පුරුෂ භාවය ඉදිරි වෝහාරික පරීක්ෂණ වලින් තහවුරු කරගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි.

Related posts

Comments are closed.

Top