සතොස සමූහ මිනීවලේ සිරුරු ගණන 150 ඉක්මවයි | VIDEO

දින අසූවකට ආසන්න කැනීම් වලින් මන්නාරම සතොස සමූහ මිනී වලෙන්  සිරුරු එකසිය පනස්වැ එකක් ගොඩගෙන තිබේ.

යුද්ධයෙන් පසු හමුවූ විශාලතම සමූහ මිනී වල වන මෙහි වලදමා ඇති සංඛ්‍යාව තවත් ඉහල යා හැකි බවට විශ්වාස කෙරේ.

අතේ පළඳින මුදු වලට සමාන මෙවලම් ද කැනීම් වලදී සොයාගෙන ඇති බව විමර්ශන කටයුතු භාර ප්‍රධාන වෝහාරික විශේෂඥයා පවසයි.

“ඒවා ආභරණද නැතිනම් වෙනත් ලෝහමය භාණ්ඩයක්ද කියා නිසැකවම තහවුරු කරන්න පුළුවන් වෙන්නේ නිසියාකාර විමර්ශනයකින් පසුවයි,” යනුවෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

කැනීම් සිදුකෙරුනු 79 වැනි දිනයේ කටයුතු ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියකු විසින්ද නිරීක්ෂණය කරනු දැකගන්නට ලැබුනි.

Related posts

Comments are closed.

Top