ජනකරළිය නාට්‍ය තුනක් 17, 18  අනුරාධපුරයේ

ජනකරළිය සංස්කෘතික  පදනම විසින් නිර්මාණය කෙරුනු “තිත්ත කහට”, “හිරු නැගෙනතුරු” හා “අඳුර

සහ එළිය” යන නාට්‍ය තුන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයිය නව රංග ශාලාවේ රංගගත කිරීමට කටයුතු යොදා තිබේ.

ඔක්තෝබර් 17 වැනි බදාදා  “තිත්ත කහට” නාට්‍යය සවස 2.30ට සහ 6.30ටද, “හිරු නැගෙනතුරු” හා “අඳුර සහ එළිය” නාට්‍ය දෙක 18 වැනි බ්‍රහස්පතින්දා සවස 6.30ටද රඟදැක්වෙනු ඇති බව සංවිධායකයෝ පවසති.

ජනකරළිය නිර්මාතෘ පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීම යටතේ ජනකරළිය නාට්‍ය කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද මෙම නාට්‍ය තුන සංවිධානය කරන්නේ අනුරාධපුර “සුලවත් පවුර” සංවිධානයයි.

රාසයියා ලෝහානන්දන්, සුමුදු මල්ලවආරච්චි, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සරත් බානගල, අරෝෂා තරංගනී, දෙව්රාන් ශ්‍රී ලිවේරා, ඉනෝ ලංකාපුර, රුවිනි ඩිලන්ති, ප්‍රනීත් ජීවන්ත, විජිත් හෙට්ටිගේ, පාලිත අබේලාල්, අමිල දිනේෂ් කුමාර, තිලිණි නිමේෂා සහ මදීරා උදීෂානි යන ජනකරළිය ශිල්පීහු මෙම නාට්‍ය  ත්‍රිත්වයට රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වෙති.

Related posts

Comments are closed.

Top