ලබන පළාත් සභා ඡන්දයෙන් TNA විග්නේස්වරන් කපයි | VIDEO

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරේ වර්තමාන මහ ඇමැතිවරයාට නාම යෝජනා භාර නොදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සී වී විග්නේස්වරන් උතුරු පළාත් සභාවේ මුල්ම මහ ඇමැතිවරයා ලෙස වැඩිම මනාපයෙන් තේරී පත්වුනේ 2013 ඔක්තෝබරයේය.

එසේ වුවත්, ඔහු සිය වගකීම නිසියාකාර ඉටු නොකළ බවට දෙමළ ජාතික සන්ධානය (TNA) චෝදනා කරයි.

ආණ්ඩුවට අනවශ්‍ය ලෙස සමීපව කටයුතු කරන බව මහ ඇමැතිවරයා TNA නායකත්වයට එරෙහිව නගන චෝදනාවකි.

ඔහුට මහ ඇමැති ධුරය ලබා දීම වරදක් ලෙසින් හඳුන්වන TNA මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, පළාත් සභාවේ නිල කාලය මේ මස 25 දායින් අවසන් වූ පසු “වරද නිවැරදි කරන” බව ගගන හා කියා සිටියේ පේදුරුතුඩුවේ පෙර පාසල් ගුරුවරුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අවසානයේය.

පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට පෙර දිනයේ සී වී විග්නේස්වරන් සිය දේශපාලන ඉදිරි ගමන පිළිබඳ ප්‍රසිද්ධ දැනුම් දීමක් කරනු ඇති බවට දෙමළ ජනමාධ්‍ය විශ්වාසය පල කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ මහජන සභාව විසින් නල්ලුර්හි රාජා පරමේශ්වරී ශාලාව වෙත ඔක්තෝබර් 24 දා මහජන සම්මන්ත්‍රණයක් කැඳවා තිබේ.

Related posts

Comments are closed.

Top