මන්නාරම සමූහ මිනීවලෙන් තවත් දරුවකුගේ සිරුර හමුවේ | VIDEO

ශ්‍රී ලංකාවේ මේතාක් සොයාගන්නා ලද විශාලතම සමූහ මිනීවලෙන් පාදා ගන්නා ලද දරුවන්ගේ සිරුරු ගණන 18 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ හා සමගම දින එකසිය දෙකක් තිස්සේ මන්නාරම සතොස සමූහ මිනීවලේ කැනීම් වලින් මේ වන විට හමුවූ ඇටසැකිලි සංඛ්‍යාව 232ක් වන බව විමර්ශන භාර ප්‍රධාන වෝහාරික විශේෂඥයා පවසයි.

වර්ෂාව මධ්‍යයේ කැනීම් කටයුතු කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හා කියා සිටියේ සිරුරු 224 කට අයත් ඇටසැකිලි අධිකරණය භාරයේ සුරක්ෂිතව තබා ඇති බවයි.

 

Related posts

Comments are closed.

Top