“ඔරුමිත්ත නාඩු” කතා නෑ, අලුත් ව්‍යවස්ථාවෙත් රාජ්‍යය ඒකීයයි | VIDEO

Report
2Shares

රටට හඳුන්වා දීමට අපේක්ෂිත නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍යයත්, බුද්ධාගමට ඇති මුල් තැනත් දිගටමපවත්වා ගෙන යන බවට රජය නැවත වතාවක් සහතික වී තිබේ.

රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධුරයේ පිහිටුවීමට ඉහළම දායකත්වයක් දැරූ දෙමළ ජාතික සන්ධානය (TNA) දිගින් දිගටමප්‍රකාශ කර ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ස්වභාවය හැඳින්වීම සඳහා අනාගත ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ යොදනු ලබන්නේ ඇත්තේ එක්සත් රටක් යන තේරුම දෙන “ඔරුමිත්ත නාඩු” යන පදය බවයි.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුල් පෙලේ අමාත්‍යවරයකු පවසන පරිදි වැරදි අර්ථ නිරුපනය කිරීමට මග පාදන එම ඉල්ලීමට රජය එකඟ නැත.

“අපි ඒකීය කියන වචනය ව්‍යවස්ථාවේ සිංහල කොපියටයි, ද්‍රවිඩ කොපියටයි, ඉංග්‍රීසි කොපියටයි දාන්නේ එකම වචනය ඒකීය කියලා,”යි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කුණ්ඩසාලේ දී එජාප ක්‍රියාධාරීන් අමතා කියා සිටියේය.

“ද්‍රවිඩ පක්ෂ කිව්වා ඒකීය කියන වචනේ දෙමළෙන්ඔරුමිත්ත නාඩු කියලා දාමු කියලා. නුමුත් අපි කිව්වා එහෙම කරන්න බෑ. ඒකීය කියන වචනය සිංහල පිටපතෙත් තියෙන්නේ ඒකීය,ද්‍රවිඩ පිටපතෙත් තියෙන්නේ ඒකීය, එතකොට අදහස ගැන කිසිම සැකයක් නෑ.”

කෙසේවෙතත්, දෙමළ ජාතික සන්ධානය පවසන්නේ සිංහල පිටපතේ ඒකීය රාජ්‍ය යනුවෙන් සඳහන් කර දෙමළ පිටපතේ ඔරුමිත්තනාඩු යනුවෙන් යෙදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ එකඟ වූ බවයි.

“සිංහලෙන් ඒකීය රාජ්‍යය යන්නට ගැලපෙන නිවැරදි දෙමළ වචනය ලෙස ඔරුමිත්ත නාඩු කියා යෙදීමට අතුරු වාර්තාවෙන් සියලුම පක්ෂ එකඟ වෙලා තියෙනවා,” යි TNA ප්‍රධාන ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සති අන්තයේදී යාපනයේ මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබුනි.

“ඒකීයරාජ්‍ය/ ඔරුමිත්ත නාඩු කියන එකට පැහැදිලි අර්ථ නිරුපනයක් තියෙනවා. ඒක යුනිටරි ස්ටේට් (Unitary State) නෙවෙයි. එය නොබෙදුණු, බෙදිය නොහැකිඑකරටක් කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කර තියෙනවා. එතන තමයි ඒකීය රාජ්‍යය කියන එකේඅර්ථකථනය තියෙන්නේ. වෙන කවුරු හරි නින්දෙන් ඇහැරිලා ඒකීය රාජ්‍යය කියන්නේ ඔට්රෙයි ආට්චිකිව්වට අපට කරන්න දෙයක් නෑ.”

TNA සන්ධානය ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගැනීමටඑකඟ වී ඇතැයි කියා සිටින හිටපු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේනායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) ප්‍රකාශ කරන්නේ ඔරුමිත්ත නාඩු යනදෙමළ වදන ඊට සමාන අරුතක් නොදෙන බවයි.

ඒකීය රාජ්‍යය යන්න නිවැරදිව දෙමළට පෙරලන්නේ “ඔට්රෙයි ආට්චි” යනුවෙන් බවට TNPF තර්ක කරයි.