සාමසාධක සෙනෙවියා හරවා එවීමට මානව හිමිකම් කොමිසම සම්බන්ධ නෑ

Report
1Shares

යුදඅපරාධ චෝදනා එල්ල වන සේනාංකයක ඉහළ නිලයක් දරන ලද බව හෙළිවූ සෙන්පතියකු සාමසාධක රාජකාරි වලින් හරවා එවීමටඅදාලව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සම්බන්ධයක් නැති බව තහවුරු වී තිබේ.

දෙසීයකබලකායකට අණ දුන් ලුතිනන් කර්නල් කලණ අමුනුපුරගේ අතීත මානව හිමිකම් චර්යාව විමර්ශනයකිරීමෙන් අනතුරුව ඔහු සාමසාධක රාජකාරියට යෝග්‍ය නැති බව තීරණය කරන ලද්දේ අලුතලැබුනු තොරතුරු මත පදනම් වී බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරතිබුනි.

එයඑක්සත් ජාතීන් විසින් විනා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ගන්නා ලදතීරණයක් නොවන බව රජය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවද තහවුරු කර සිටී.

ලුතිනන්කර්නල් අමුණුපුර ආපසු එවන ලද්දේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් කරන ලදමැදිහත්වීමක් බවට ඇතැම් කැබිනට් අමාත්‍යවරයකුද ඇතුළු පිරිස් නගන චෝදනා මහින්දසමරසිංහ අමාත්‍යවරයා විසින් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනලදී.

මාලි රාජකාරියේ යෙදී සිටි නිලධාරියාගේ වැඩ අත් හිටුවීමඅසාධාරණ බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ වග සමරසිංහ අමාත්‍යවරයාකියා සිටියත් ශ්‍රී ලංකා යුද හමුදාව දැනුම් දී තිබුනේ එක්සත් ජාතීන්ගේ තීන්දුවටගරු කරමින් ඔහු ආපසු ගෙන්වන බවයි.

ජනාධිපතිවරයා උපුටා දක්වන අමාත්‍යවරයා මාලියේ ශ්‍රී ලංකාසාමසාධක බලකායේ හිටපු අණදෙන නිලධාරියා ආපසු එවීමට තොරතුරු ලබාදුන් ශ්‍රී ලංකාවේ සත්‍යයහා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) හඳුන්වන ලද්දේ “කොටි හිතවාදීරජයේ නොවන සංවිධානයක්” ලෙසිනි.

නිලධාරියා ආපසු එවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමසම්බන්ධ නැති බව යුද හමුදාව විසින්ද අවධාරණය කර තිබේ.

“ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යෝජනා කරන ලද නම් හතරක්අතුරින් ලුතිනන් කර්නල් අමුණුපුර පත් කිරීමට එක්සත් ජාතීන් එකඟ වුනේ 2016 දී ය. ඒඑක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යන හමුදා නිලධාරීන් ගේ පුර්ව පරීක්ෂාව එක්සත්ජාතීන්ගේ උපදේශය පරිදි 2017 දෙසැම්බරයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැවරීමටපෙරය,” යි ශ්‍රී ලංකා යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මාලි යැවුනුබලකායේ පූර්ව පරීක්ෂාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද හෙයින් තව දුරටත්ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවය අනවශ්‍ය යැයි එවක යුද හමුදාපති මේජර් ජෙනරාල්ක්‍රිශාන්ත ද සිල්වා විසින් ලිඛිතව දන්වන ලද බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකාඋඩගම මීට ඉහතදී මාධ්‍යවේදීන්ට පවසා තිබුනාය.

අපකීර්තියට පත් සෙනෙවියාගේ අතීත මානව හිමිකම් චර්යාවසම්බන්ධයෙන් එක්සත් ජාතීන් විසින් පිළිගෙන ඇති තොරතුරු “රණවිරුවන්ට මඩ ගැහීමක්” ලෙස හෙලාදුටු මහින්ද සමරවීර අමාත්‍යවරයා ලුතිනන් කර්නල් අමුණුපුර “චෝදනා වලින් නිදහස්” අයකු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට්මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව කියා සිටියේය.

යුද අපරාද චෝදනා එල්ලවී ඇති 58 වැනි සේනාංකය යටතේ වූ 11 වැනි පාබල රෙජිමේන්තුවේ දෙවැනි අණදෙනනිලධාරියා ලෙස ලුතිනන් කර්නල් අමුණුපුර කටයුතු කළ බව පසුව හෙළිවීම ඔහුගේ මාලිරාජකාරි අත් හිටුවීමට එජා සංවිධානය ගත් තීන්දුවට පදනම් වී තිබුනි.

ඔහු හෝමේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය යටතේ ඔහු වන්නියේ මෙහෙයුම් වල යෙදුනුසේනාංකය හෝ එම චෝදනාවලින් නිදහස් කෙරුනු ආකාරය අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍යවේදීන්ටපැහැදිලි කළේ නැත.

ලුතිනන් කර්නල් අමුණුපුරට නැවත සාමසාධක රාජකාරියේ යෙදීම සඳහා අභියාචනයක් කිරීමේ හැකියාවක් නැති බව එක්සත් ජාතීන්ගේසංවිධානය ගගන ට දැනුම් දී තිබේ.