දවසකට දාහක් ඉල්ලා කොළඹ ආ වතු කම්කරුවන්ට පොලිස් ප්‍රහාර | VIDEO

Report
1Shares

තුන්මාසයකට ආසන්න කාලයක් තිස්සේත් ඉල්ලා නොලද දිනක රුපියල් දහසක වැටුප ලබාදීමටජනාධිපතිවරයාගේ මැදිහත් වීම බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණි වතුකරයේ ජනතාව පොලිසියවිසින් පහර දී පලවා හැර තිබේ.

කළුඇඳුමෙන් සැරසී ස්වේච්ඡාවෙන් සංවිධානය වී දිවයිනේ මධ්‍යම කඳුකරයේ මෙන්ම දකුණුපළාතේත් දහස් සංඛ්‍යාත ජනකායක් කොළඹ ගාලු මුවදොර පිටියේ පැය අටක් පමණ උද්ඝෝෂණයේනිරත වී සිටියහ.

සමාජමාධ්‍ය ජාල ඔස්සේ කරන ලද කැඳවීමක් මගින් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද දැවැන්තම ජනසමූහය ලෙස සැලකිය හැකි ඔක්තෝබර් 24 දා විරෝධතාවට වැඩියෙන්ම සහභාගි වී සිටියේ වතුකම්කරු දූ දරුවන් බව ගගන වාර්තාකරු ධනුෂන් කනපති පවසයි.

සිය ඉල්ලීම් රැගත් සංදේශය භාරගැනීමටබලධාරියකු එනතුරු ජනාධිපති ලේකම් කාර්යාලය අබියස වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන්ටකැරලි මර්දන පොලිසිය ජල කාලතුවක්කු හා බැටන් ප්‍රහාර ගසා එලවා දැමූ බව නම සඳහන්නොකරන ලෙස ඉල්ලා සිටි බලංගොඩ ප්‍රදේශයේ වතු කම්කරුවකු කියා සිටියේය.

වෘත්තීය සමිති හා හාම්පුතුන් අතර ඇති හවුල් ගිවිසුමඅහෝසි කිරීම වැටුප් අරගලයේ කැපී පෙනෙන ඉල්ලීමක් විය.

ඇමැතිවරුන් නායකත්වය ගෙන සිටින වෘත්තීය සමිති වල ආධාරයෙන් තම ඉල්ලීමදිනා ගත නොහැකි බවට කෝපය පල කළ තලවාකැලේ කම්කරුවෙක් ජනාධිපතිගේ මැදිහත්වීම අපේක්ෂාකරන්නේ ඒ නිසා බව මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

දැනටගෙවනු ලබන රුපියල් 400 ක දෛනික වැටුපට තවත් රුපියල් සියයක් පමණක් එකතු කිරීමට වතුහිමියන් යෝජනා කළ නිසා සාකච්ඡා බිඳ වැටී තිබේ.

කම්කරුවන්ඉල්ලා සිටින වැටුප ගෙවා ලාබ ලැබිය නොහැකි බව වතු හිමියන්ගේ තර්කයයි.

එයතදින් බැහැර කරන විරෝධතා කරුවන් පෙන්වා දෙන්නේ ඉහල වැටුප් ගෙවීමෙන් කාර්යක්ෂමතාවවැඩි කොට පලදායීතාව ඉහළ නැංවිය හැකි බවයි.

වතුකම්කරුවන්ගේ වැටුප දිනකට රුපියල් දහස දක්වා වැඩි කළොත් “මේ රටේ තියෙන ණයත් ගොඩදැමිය හැකි” බව වතුකරයේ තරුණයෙක් මාධ්‍යවේදීන්ටකියා සිටියේය.

ලෝකයේවඩාත්ම ආකර්ශනීය සංචාරක දේශය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති ලෝන්ලි ප්ලැනට් ජාත්‍යන්තරසඟරාව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දර ස්ථානයක් බවට නම් කර ඇති එක තැනක් වන්නේවැඩි වැටුප් ඉල්ලා සටන් වදින කම්කරුවන් විශාල පිරිසක් සේවයේ නිරත හපුතලේ තේවගාවයි.