ඩයස්පෝරා අන්තවාදීන්ගෙන් ව්‍යවස්ථාවට බලපෑමක් නෑ: TNA

Report
1Shares

විදේශගතදෙමළ ඩයස්පෝරාවේ අන්තවාදීන්ගේ බලපෑමකින් තොරව නව ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකි බවට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය සහතිකවී තිබේ.

ශ්‍රීලංකාවට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවර ජෙෆ්රි වැන් ඕර්ඩන් හට දෙමළ ජාතික සන්ධාන නායකයා පවසාඇත්තේ අන්තවාදී බලවේගවලට එරෙහිව දෙමළ ජනතාව “තීරණාත්මකව" ඡන්දය පාවිච්චි කර ඇති”බවයි.

“ඩයස්පෝරාවේඅන්තවාදී කොටසක ආකල්ප හා ක්‍රියාකාරකම් අපේ තීන්දු වලට කිසිම බලපෑමක් ඇති කරන්නේනැතැ,” යි ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා තිබේ.

යුරෝපාපාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාවේ මිතුරෝ කණ්ඩායමේ නායකත්වය දරන වැන් ඕර්ඩන් මන්ත්‍රී වරයා ඩයස්පෝරා ක්‍රියාකාරිත්වයසම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් එම ප්‍රකාශය කරන ලද බව TNA මාධ්‍ය ඒකකයපවසයි.

“සෑමප්‍රාදේශීය මැතිවරණයකදීම අපේ ජනතාව නිරන්තරයෙන්මත්, තීරණාත්මකවත් එවන් අන්තවාදී බලවේගපරාජය කර ඇතැ,” යි TNA නායකයා කියාතිබේ.

අන්තවාදීඩයස්පෝරා බලවේග “සංඛ්‍යාත්මකව ඉතා කුඩායැ,” යි පවසා ඇති එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා“නිසියාකාර බලය බෙදන සැලසුමක්” වේ නම් එවැනි ක්‍රියාදාමයකට සහාය වීමට “ඩයස්පෝරාවේවිශාල කොටසක්” සූදානම් බවට සහතික වී ඇත.

අලුත්ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ පෙබරවාරි 4 දා පාර්ලිමේන්තුවට ගෙන එනු ඇති බවට ඔහුයුරෝපා මන්ත්‍රී ජෙෆ්රි වැන් ඕර්ඩන් හටදැනුම් දී තිබේ.