ශ්‍රී ලංකාවේ ලොකුම සමූහ මිනීවලේ ඇත්ත සෙවීමට OMP මුදල් | VIDEO

Report
1Shares

මන්නාරමසතොස සමූහ මිනීවලේ වල දමා ඇති සිරුරු පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා මුදලින්ආධාර කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය ඉදිරිපත් වී සිටී.

ශ්‍රීලංකාවේ මේතාක් හෙළිවී ඇති විශාලතම සමූහ මිනීවල වන මෙහි දින 121 ක කැනීම් වලින්විශේෂඥයන් විසින් ගොඩගෙන ඇති පූර්ණ ඇට සැකිලි සංඛ්‍යාව 283 කි.

ඒඅතරින් 21 ක් බාල ළමුන්ගේ බව පර්යේෂණ භාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂගගන හා කියා සිටියේය.

ඇටසැකිලිඅතරින් නියැදි හයක් කාබන් 14යනුවෙන් හැඳින්වෙන විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා ජනවාරි මස අවසානයට පෙර ඇමරිකාඑක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි බීටා ඇනලටික් විද්‍යාගාරය වෙත ගෙනයාමට ඔහු බලාපොරොත්තුවෙයි.

ඒ සඳහාවියදම් දරන අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (OMP) පවසන පරිදි කාල නිර්ණය සඳහා මිනීවලේවිවිධ ප්‍රදේශ සහ සිරස් ස්තර නියෝජනය කෙරෙන පරිදි අස්ථි සහ දන්ත කොටස් තෝරාගෙනතිබේ.

කාබන් 14පරීක්ෂණයෙන් තමයි තීරණය කරන්න පුළුවන් මේ ඇටකටු වල කාල වකවානුව,” යැයි OMP ප්‍රධානීසාලිය පීරිස් ගගන සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.

ආර්ථික අපහසුතා නිසා කැනීම් නැවතීමේ අවදානමක් මතුවූ අවස්ථාවේතම කාර්යාලය ඊට මැදිහත් වූ බව ඔහු පැවසීය.

කාලනිර්ණය සඳහා අස්ථි නියැදි එක්සත් ජනපදයට ගෙනයාමට අමතරව කැනීම් කණ්ඩායම් වල ආහාරපානහා නවාතැන් පමණක් නොව සමූහ මිනීවල වැසි වතුරෙන් බේරාගැනීමේ ආවරණ කටයුතු සම්පාදනයටදOMPකාර්යාලය මුදල් ලබා දී තිබේ.

සතොසසමූහ මිනීවලෙන් හමුවූ අස්ථි සහ දන්ත කොටස් තෝරා මුද්‍රා තැබීම සිදුකර ඇත්තේදෙසැම්බර් 18 සිට 20 දක්වා තෙදින තුළදීය.

ඒ සඳහාමන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, මහාචාර්ය රාජ්සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිසියටඅමතරව OMPකාර්යාලයේ,අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ,මන්නාරම පුරවැසි කමිටුවේ නියෝජිතයන් සහ නීතිඥයන් ද සහභාගි වී ඇත.

අස්ථිසාම්පල තෝරාගැනීමේ අවස්ථාවට අතුරුදහන් වුවන්ගේ නියෝජිතයන් සහභාගී වීම ක්‍රියාදාමයේපාරදෘශ්‍ය භාවය සහ වගකීම් සහගත භාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව OMP කාර්යාලය අවධාරණයකරයි.

“පුද්ගලයන්අතුරුදහන් වූ ආකාරය සහ ඔවුන්ට අත් වූ ඉරණම තහවුරු කරගැනීමට OMP කාර්යාලයකැපවී සිටී,” යිජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසීය.

“මන්නාරමසමූහ මිනීවලින් ගොඩගන්නා ලද සිරුරු කොටස් සම්බන්ධ විමර්ශනයට සහාය වීම OMP කාර්යාලය අත්‍යාවශ්‍යයෙන්මකළ යුතු කටයුත්තක්.”

ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් දෙවැනිවිශාලතම සමූහ මිනීවළ සේ සැළකෙන සිරුරු 154ක් හමුවූ මාතලේ සමූහ මිනීවළෙන් ගොඩගත්අස්ථි සාම්පල 1950 වකවානුවට අයත් යැයි මියාමි හි බීටා ඇනලිටික්ස් ආයතනය විසින්1915 දී කරන ලද නිගමනය ප්‍රතිකේෂ්ප කරමින් මහාචාර්ය රාජ් සෝමදේව කියා තිබුනේ එම මළසිරුරු 1986-90 වකවානුවට අයත් බවට සාක්ෂි ඇති බව ය.

“කලින් අවස්ථාවල වගේ ඇටකටු එහාමෙහා ගෙනයාමේවගකීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු නොවෙන්න වගබලා ගැනීම සඳහා පාරදෘශ්‍ය භාවයෙන් කටයුතුකිරීම අපේ අරමුණයි,යනුවෙන් වෛද්‍ය රාජපක්ෂ ගගන හා පැවසීය.

“එකමපුද්ගලයකුගේ ලෙස හඳුනාගත හැකි සිරුරුවලින් කලවා සහ දත් ද, එසේනැති ඇටසැකිලි වලින් කලවා අස්ථි කොටස් පමණක් ද දිරාපත් ඇටසැකිලි ඇති තැන්වලින් දත්පමණක්ද සාම්පල හැටියට තෝරාගෙන තියෙනවා.”

මන්නාරමසතොස සමූහ මිනීවලේ කටයුතු 219 ජනවාරි 2 දා නැවත ආරම්භ වීමට නියමිතය.