2019 ට පෙර ඉඩම් නිදහස් කිරීමේ “ජනපති පොරොන්දුව ඉටු කරන්න” | VIDEO

Report
1Shares

ශ්‍රීලංකා රජයේ ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින උතුරු නැගෙනහිර ඉඩම් මේ වසරඅවසානයට පෙර නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස බලකරමින් සියයකට අධිකපුද්ගලයන් හා සංවිධාන එකතුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉඩම්අහිමි කරනු ලැබූ 47 දෙනකු ඇතුළු දිවයිනේ විවිධ පළාත් වල පුද්ගලයන් 98 ක් සහ සංවිධාන34 ක් ජනාධිපතිවරයාට ලියන ලද ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ හමුදාව වාඩිලාගෙන සිටිනඉඩම් මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දාට පෙර නිදහස් කරන ලෙස බලධාරීන්ට දී ඇති උපදෙස්ක්‍රියාත්මක කිරීමට වගබලාගන්නා ලෙසයි.

උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම්අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම්නිදහස් කිරීම් අවසන් කරන ලෙස” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු හා නැගෙනහිරපළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය ඔක්තෝබර් 4 දා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස් වූ අවස්ථාවේදී නියෝගකර තිබුනි.

ඒසම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කරන ලෙස ඔක්තෝබර් 22 දා ද ජනාධිපතිවරයා දෙපලාතේආණ්ඩුකාරයන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුනි.

“අපගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගෙන ඇතිඅතර, යුද්ධය අවසන් වීමෙන් වසර 10කට ආසන්න කාලයක් තිස්සේ තවමත් බොහෝ සෙයින් දුක් පීඩා විඳිනඅප, ඔබ විසින් මෙම පොරොන්දුව ඉටු කරන ලෙසත්,මාස කිහිපයකට පෙර ඔබ විසින් ලබාදුන් උපදෙස් අනුවබලධාරීන් කටයුතු කරන බවට වගබලා ගන්නා ලෙසත්, ඉල්ලා සිටින්නෙමු” යි ජනපතිප්‍රතිඥාව සිහිපත් කරමින් ලියා ඇති ලිපියේ දැක්වේ.

එමඉල්ලීම ඉටු කරගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඉඩම් අහිමි වූ මුල් පදිංචි කරුවෝ අගමැතිවරයාගෙන් සහ සියලුම දේශපාලනපක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටී.

හමුදාවවාඩිලාගෙන ඉන්නා උතුරු නැගෙනහිර පෞද්ගලික හා රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 22,085ක්වන බව පසුගිය අගෝස්තුවේදී ඔවුන්රජයට දැනුම් දී තිබුනි.

ජනපතිගේඉඩම් පොරොන්දුව කඩ වූ බව සහතික වූ දිනයේ මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හි හමුදාකඳවුර ඉදිරිපිටට රැස්වූ ජනතාව ඉවත්ව යන ලෙස බලකරමින් 671 වැනි දිනයේත් විරෝධතාපැවැත්වූහ.

ශ්‍රීලංකා යුද හමුදාව ප්‍රකාශ කරන්නේ වාඩිලාගෙන සිටින අනුන්ගේ ඉඩම් හැරයාම සඳහා තමන්ටමුදල් ගෙවිය යුතු බව යි.